hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:15



ලොව වැඩිම මත්පැන් පරිභෝජනයක් සහිත කලාපය වන යුරෝපයේ වසරකට සිදුවන සමස්ත මරණවලින් 11කින් 1ක් මත්පැන් නිසා සිදුවන බව සොයාගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, යුරෝපා කලාපය තුළ සිදුවන අනතුරු සහ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ මරණ තුනකින් එකකටම (1/3) සෘජුවම මත්පැන් වගකිව යුතු බවත් යුරෝපයේ වසරකට සිදුවන මත්පැන් මරණ ගණන 800,000ක් පමණ වන බව එහි සඳහන් වන බවත් වාර්තා වේ.

මෙය මහජන සෞඛ්‍යයට දැඩි තර්ජනයක් වී ඇති අතර, විශේෂයෙන්ම මත්පැන් පරිභෝජනය ඉහළ යන උත්සව සමයන්හිදී මෙම අවදානම තවත් වැඩි වන බව එම සංවිධානය පෙන්වා දී ඇත.

2019 වසරේ දත්ත පදනම් කරගනිමින් WHO පවසන්නේ, යුරෝපා කලාපයේ ස්වයං හානි කර ගැනීම්, මාර්ග අනතුරු සහ ඇද වැටීම් වැනි අනතුරු නිසා සිදුවූ මරණ 145,000ක් පමණ මත්පැන් භාවිතය නිසා සිදුවී තිබෙන බවයි.

එම වසරේ සිදුවූ පුද්ගලයන් අතර ප්‍රචණ්ඩකාරී මරණවලින් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ස්වයං හානි කරගැනීම්වලින් තුනෙන් එකකට (1/3) වඩා වැඩි ප්‍රමාණයක් මත්පැන් භාවිතය හා සම්බන්ධ වන අතර මෙයින් කාන්තාවන් සහ දරුවන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා තරුණ සහ නව යොවුන් වියේ පසුවන්නන් අතර මාර්ග අනතුරු, දියේ ගිලීම් සහ ඇද වැටීම් බහුලව දක්නට ලැබෙන්නක් බව එම වාර්තාවේ සදහන් වේ.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: