hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:15



රජයට එරෙහිව එල්ල වන ඕනෑම විවේචනයක් පිළිගැනීමට සූදානම් වුවද, හිතාමතා පතුරවන ව්‍යාජ ප්‍රවෘත්තිවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය පසුබට නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

“කිසිසේත්ම මාධ්‍ය මර්දනයක් නැහැ. සමාජ, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවලට අපව විවේචනය කිරීමට සහ අපගේ දුර්වලතා පෙන්වා දීමට පූර්ණ නිදහස තිබෙනවා. නමුත් ගැටලුව ඇත්තේ ඇතැම් මාධ්‍ය නාලිකා සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් හිතාමතාම ව්‍යාජ පුවත් බෙදාහැරීමයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ ජාතික ආරක්ෂාව වැනි සංවේදී විෂයන් සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා පැතිරවීම විශේෂයෙන් හානිකරයි. මෑතකාලීන ව්‍යසනයෙන් රට යථා තත්ත්වයට පත් වෙමින් පවතින මොහොතක, මහජන අවිශ්වාසය ඇති කරමින් ජාතික ස්ථාවරත්වයට තර්ජනයක් වන පරිදි මෙවැනි අන්තර්ගතයන් නිර්මාණය කිරීම හුදු විවේචනයක් නෙවෙයි.

පවතින නීති රාමුව තුළ පියවර ගැනීමට රජය බැඳී සිටිනවා. ව්‍යාජ වාර්තාවලට එරෙහිව ක්‍රියා කරන ලෙස ජනතාව අපෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් අපට ජනවරමක් ලබා දුන්නේ එවැනි අසත්‍ය ප්‍රචාර මැඩපවත්වා රටේ ස්ථාවරත්වය රැක ගැනීමටයි.”

මාධ්‍ය නිදහස මර්දනය කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: