hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 02, පෙ.ව. 12:30



”ආදරය පිරුනු ජීවිතය එක්ක උදාවුන ලස්සනම අවුරුද්ද ලැබුවෙ අද…

2025 මං ජීවිතය ආදරයෙන් ගෙවපු ..සුන්දරම දේවල් විඳපු අවුරුද්ද..

2025 ජනවාරි රානි චිත්‍රපටය තිරගත කරන්න ලැබීම එක්ක සිංහල සිනමාවට අලුත් පිබිදීමක් එකතු කරන්න මූලිකත්වය දරපු එකම මට සතුටක්..‍රානි වගේම දේවි කුසුමාසනත් තිරගත කරපු අවුරුද්ද 2025

Lyca productions සහ savoy චිත්‍රපට සමාගමේ උප සභාපතිනිය විදියට මට දැනෙන්නෙ මිහිරි හැඟීමක්..

2025 ජීවිතය කියන්නෙ ආදරයට කියලා හදවතට දැනුන අවුරුද්ද..

ලස්සනම ආදරයක් එක්ක මම විවාහ වුන අවුරුද්ද..ගැහැනියකට ආදරය කියන්නෙම එයාගෙ ජීවිතය කියලා මට විශ්වාසයක් දැනුන අවුරුද්ද..

මගේ පන , මගේ මුළු ජීවිතයම වුන මගේ පුතා පාසලේ පළමු වසරට ඇතුළත් වුන අවුරුද්ද.. පුතෙක් කියන්නෙ අම්මා කෙනෙක්ට මහා ශක්තියක් කියලා දැනෙන්නෙම එයා දවසින් දවස ලොකු වෙනකොට..ඒ හැඟීම මට දැනෙනවාටත් වඩා දැනුන අවුරුද්ද 2025..

ජීවිතේ සතුට..සැනසීම..ආදරය පිරුනු 2025 අවසන් වෙලා 2026 ගෙවන්න පටන් ගත්තෙ පිරුනු හැඟීමෙන්….

ඒ හැඟීම එක්කම මම ආදරයෙන් 2026 සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම..

හදවත ආදරයෙන් පිරෙන..ජීවිතයට ආදරය ලැබෙන සුබ නව වසරක් වේවා!!”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: