hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2026 ජනවාරි 02, ප.ව. 5:47



ඉරාන ආණ්ඩුව එරට විරෝධතාකරුවන් වෙත වෙඩි තැබුවහොත් ඔවුන් බේරාගැනීම සඳහා තමන් කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය ටෘත් සෝෂල් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් සටහන් කරමින් ට්‍රම්ප් කියා සිටියේ විරෝධතාකරුවන්ට පහරදීම ඉරානයේ සාමාන්‍ය පිළිවෙත බවයි. නමුත් එවැන්නකදී ඊට මැදිහත්වීමට තමන් සූදානම් බවයි ට්‍රම්ප් පවසන්නේ.

දෙසැම්බර් 28 වනදා සිට ඉරානයේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ පවතිනවා. එය ඇරඹුණේ ටෙහෙරාන් නුවර වෙළෙන්ඳන් අතරින්. දැන් එයට සරසවි සිසුන් ආදී විවිධ පාර්ශව එක්ව සිටිනවා.