2026 ජනවාරි 03, ප.ව. 8:21
2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් දිවා රාත්‍රි තරග පැවැත්විය හැකි අයුරින් ඉදිවන කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාංගණය වෙනුවෙන් (SSC) රුපියල් බිලියන 1.8ක් වියදමක් දරණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මෙම ක්‍රීඩා පිටියේ නවීකරණ කටයුතු ජනවාරි මස 20 වනදා වන විට අවසන් කිරීමට අපේක්ෂිත වෙයි.

විදුලි ආලෝක කුළුණු, VIP ප්‍රේක්ෂකාගාරයන්, ක්‍රීඩකයින්ගේ විවේකාගාරයන් හා ICC නිලධාරීන් වෙනුවෙන් නව ස්ථානයක් ද , ජාත්‍යන්තර රූපවාහිනී විකාශනය වෙනුවෙන් පහසුකම් වැඩි දියුණු කිරීමට ද නියමිතව තිබේ.


2026 T 20 ලෝක කුසලානය පෙබරවාරි මස 7 වනදා ආරම්භ වීමට නියමිතයි.
2026 පෙබරවාරි 21, ප.ව. 12:32
2026 පෙබරවාරි 18, ප.ව. 9:58
2026 පෙබරවාරි 17, පෙ.ව. 11:37
2026 පෙබරවාරි 16, ප.ව. 2:13
2026 පෙබරවාරි 16, පෙ.ව. 8:21