hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2026 ජනවාරි 06, ප.ව. 2:56



ඇමරිකාවට අල්ලාගෙන එන ලද වෙනෙසුවේලාවේ හිටපු ජනාධිපති නිකුලස් මදුරෝ ඊයේ නිව් යෝර්ක් හි අධිකරණයක් හමුවට පමුණවනු ලැබුණා.

එහිදී ඔහු තමන්ට එල්ල වූ චෝදනාවලට තම නිර්දෝෂිභාවය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ඔහු කියා සිටියේ රාජ්‍ය නායකයකු වශයෙන් තමන්ට මුක්තිය හිමිවිය යුතු බවයි. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව ඔහු නිත්‍යනුකූල රාජ්‍ය නායකයකු ලෙස පිළිගන්නේ නැහැ.

ඔහු හෝ ඔහුගේ බිරිඳ හෝ ඇප ඉල්ලීමක් ද යොමුකළේ නැහැ. නඩු විභාගය මාර්තු 17 වනදාට කල් තබනු ලැබුණා.