2026 ජනවාරි 10, ප.ව. 9:05
ඉරානයේ ඉස්ලාමික සමූහාණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ අද ද ටෙහෙරානයේ සහ තවත් ප්‍රදේශයන් හි සිදුවන බව වාර්තා වනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ විරෝධතාවලට ඇතැම් ස්ථානවලදී පහරදීම් සහ වෙඩි තැබීම් සිදුවූ බව වාර්තා වී තිබූ නමුත් ඒ පිළිබඳ නිශ්චිත වාර්තා පැමිණ තිබුණේ නැහැ. නමුත් අද රාත්‍රිය එළඹෙද්දී ද උද්ඝෝෂණ ක්‍රියාත්මක බව වාර්තා වී තිබෙනවා.
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් ඉරාන පාලනයට අනතුරු අඟවමින් විරෝධතාකරුවන් ඝාතනය නොකරන ලෙස දන්වා සිටියා.
තවද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ X ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදය ඉරාන ජනතාව සමග සිටින බවයි.
කෙසේ වෙතත්, කිසිදු රටකට තවත් රටක අභ්‍යන්තර කටයුතු සඳහා ඇඟිලි ගැසීමට හැකියාවක් නොමැති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා සිටිනවා. විදෙස් බලපෑම් මත ක්‍රියාත්මක ත්‍රස්තවාදී ක්‍රියා මැඩපවත්වන බවයි ඉරාන ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ.
2026 ජනවාරි 10, පෙ.ව. 2:27
2026 ජනවාරි 07, ප.ව. 12:58
2026 ජනවාරි 06, ප.ව. 2:56
2026 ජනවාරි 04, පෙ.ව. 11:30
2026 ජනවාරි 04, පෙ.ව. 11:14