2026 ජනවාරි 11, පෙ.ව. 8:21
සංචාරක පාකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වන හා අවසන් T20 තරගය අද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
දෙවන තරගය වර්ෂාවෙන් අත් හැර දැමුණු අතර පළමු තරගය ජය ගත් පාකිස්ථානය තරගාවලිය තරග 1-0 ලෙස පෙරමුණ ගෙන සිටියි.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දෙවන T 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අත්හැර දැමීමට සිදුවීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහජනතාව වෙනුවෙන් විශේෂ තීරණයක් ගෙන ඇත.
ඒ අනුව, දෙවන T20 තරගය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගත් සියලු දෙනාට, අද (11 වැනි ඉරිදා) පැවැත්වෙන තුන්වන විස්සයි20 තරගය සඳහා නොමිලේ ප්‍රවේශපත්‍ර ලබා දීමට තීරණය කර තිබේ.

එම ප්‍රවේශපත්‍ර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ (RDICS) පිහිටුවා ඇති ටිකට්පත් කවුන්ටරයෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහජනතාවට දැනුම් දී සිටියි.
ප්‍රවේශපත්‍ර කවුළු පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා විවෘතව පවතී.
පාකිස්තාන–ශ්‍රී ලංකා විස්සයි20 තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි20 ජාත්‍යන්තර තරගය අද (ඉරිදා) ප.ව. 7.00 ට දඹුල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.
2026 ජනවාරි 09, ප.ව. 10:09
2026 ජනවාරි 08, ප.ව. 9:01
2026 ජනවාරි 08, පෙ.ව. 8:15
2026 ජනවාරි 07, පෙ.ව. 7:57
2026 ජනවාරි 05, ප.ව. 4:48