2026 ජනවාරි 13, පෙ.ව. 7:48
ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් අතර පසුගිය දිනවල ද සාකච්ඡා පැවති බව ඇක්සියොස් වෙබ් අඩවිය වාර්තා කළා.
මෙය දුරකථනය ඔස්සේ සිදුවූවක් ද නැතහොත් වෙනත් මාර්ගයකින් සිදුවූවක්දැ යි තහවුරු කළ නොහැකි වුවද අදහස් හුවමාරු වීමක් සිදුව ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන බවයි එම වෙබ් අඩවිය කියා සිටියේ.
පසුගිය වසරේ ද අවම වශයෙන් ඔක්තෝබරය වනතුරු දෙපාර්ශවය අතර ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ අදහස් හුවමාරු වූයේ යැයි වාර්තා වී තිබෙනවා.
ඉරානය න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීමට එළඹ ඇතැයි ද එම සාකච්ඡා නුදුරේදී සිදුවිය හැකි යැයි ද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෑතකදී පැවසුවා.
නමුත් ට්‍රම්ප් කියා සිටියේ එම සාකච්ඡා සිදුවීමට පෙර තමන් ඉරානය පිළිබඳ පියවරක් ගන්නට ද ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් අද (ජනවාරි 13) පැවැත්වෙන ජාතික ආරක්ෂක කණ්ඩායමෙහි රැස්වීමට පෙර එවැනි තීරණයක් නොගනු ඇතැයි වාර්තා පළවනවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:23
2026 අප්‍රේල් 22, පෙ.ව. 11:49
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17