2026 ජනවාරි 14, පෙ.ව. 11:02
ඉරානයේ ඉස්ලාමික රෙජීමයට සීමා සහිත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පලක් නොවන බවත් ඇමරිකානු ආණ්ඩුව විසින් කළ යුත්තේ ඉස්ලාමික රෙජීමය පෙරළීමට විරුද්ධ පාර්ශව වෙත සහය ලබාදීම බවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශකයකු වන ජෝන් ඩෝල්ටන් පවසනවා.
රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ ඉස්ලාමික රෙජීමය කවරදාටත් වඩා ජනප්‍රියත්වයෙන් පහළ වැටී සිටින බවයි. එහෙයින් එයට පහරදීමට අවකාශය තිබෙන බව ඔහු කියා සිටිනවා.
මෙහිදී මූලික වශයෙන් කළයුතු වන්නේ ආගමික නායකත්වයට පහරදීම නොව ඉස්ලාමික මුරභට හමුදාවට, බැලිස්ටික් මිසයිල ව්‍යාපෘතියට, න්‍යෂ්ටික වැඩපිළිවෙලට මෙන්ම ඉරාන නාවික හමුදාවට පහරදීම බවයි බෝල්ටන් කියා සිටින්නේ.
ඉරාන රාජ්‍ය ආයතන අල්ලාගන්නා ලෙසත් විරෝධතා මර්ධනය කරන්නන් පිළිබඳ වාර්තා තබාගන්නා ලෙසත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සඳහන් කළා. ඔහු කියා සිටියේ විරෝධතාකරුවන්ට පහරදීම නවත්වනතුරු ඉරාන නිලධාරීන් සමග සියලු සාකච්ඡා නවතා දමන බව ද ට්‍රම්ප් පවසා සිටියා.
2026 ජනවාරි 14, පෙ.ව. 10:52
2026 ජනවාරි 13, ප.ව. 6:37
2026 ජනවාරි 13, පෙ.ව. 8:01
2026 ජනවාරි 13, පෙ.ව. 7:48
2026 ජනවාරි 11, ප.ව. 11:50