hit counter

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2026 ජනවාරි 18, පෙ.ව. 12:24



වයස 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජපානය හා තරගයෙන් ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායමට ලකුණු 203ක ජයක් හිමිවිය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 387ක්.

විරාන් චමුදිත ලකුණු 192ක් රැස් කළ අතර එය වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ඉනිමකදී ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා.

මීට පෙර 2018 වසරේ යොවුන් එක්දින ලෝක කුසලානයේදී එම වාර්තාව පිහිටුවා තිබුණේ ශ්‍රී ලංකාව හසිත බෝයගොඩයි.

ඔහු ලකුණු 191ක් රැස් කර ගෙන තිබුණා.

දිමන්ත මහවිතාන ලකුණු 115ක් රැස්කළා.

ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ගොඩනැගු සබදතාව ලකුණු 328ක්.

එය වාර්තා අතරට එක්වුණේ වයස අවුරුදු 19න් පහළ  ක්‍රිකට් තරගයක ඕනෑම කඩුල්ලකට වාර්තා වු ඉහළම සබදතාව ලෙසයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජපාන වයස 19න් පහළ කණ්ඩායමට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකිවුණේ ලකුණු 184ක් පමණි.