2026 ජනවාරි 21, පෙ.ව. 11:59
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා සබීනා යූසෆ් මහත්මිය 01/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 60 කට අධික සංඛ්‍යාවක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් 01/22 දින සිට 01/29 දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිතය.
මේ සදහා ඇය 01/21 දින අලුයම 03.00 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගොස් , තවත් වෙනත් ගුවන් යානයකින් ලාස්වේගාස් නුවර වෙත යාමට නියමිතය.
ඇයට සුභ පැතීම සදහා මෙම වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ , ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක , භාෂා සහ පෞරුෂත්ව පුහුණුකරු තාරක ගුරුකන්ද සහ පසුගිය 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ඉෂාදි අමන්දා ඇතුළු සබීනාගේ ඥාතී මිත්‍රාදීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .





2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26