2026 ජනවාරි 21, ප.ව. 9:58
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් සම සත්කාරකත්වය දරනු ලබන ICC T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම සිදු කරනු ලැබුවා.
ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙවර T 20 ලෝක කුසලානය පෙබරවාරි මස 7 සිට මාර්තු මස 8 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
දිවයිනට රැගෙන ආ T 20 ලෝක කුසලානය කොළඹ ,මහනුවර , දඹුල්ල සහ යාපනය යන නගර වල ජනවාරි මස 24 දක්වා සංචාරය කිරීමට ද නියමිතය.



කුසලානය හෙට කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒමට ද නියමිතව තිබේ.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25