hit counter

2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 22, පෙ.ව. 8:55



යම් පාර්ශවයක් තමාට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඔවුන්ගේ තරාතිරම හෝ ඇඳුම සලකා බලා නිහඬව නොසිටින බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි.

කළු කෝට් නැතිනම් ජාතික ඇඳුම ඇඳලා සිටිමින් හෝ, සිවුර දාගෙන සිටියද අදාළ නැති බවත් දේශපාලන ප්‍රහාරයක් දිය යුතු නම් දරුණුම විදිහට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවද අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි.

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට කුඩු වෙලා යන්න ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බවත් තමන් සෑමවිටම පහර නොදුන්නද පසුව එල්ල කරන ප්‍රහාරය ප්‍රතිවාදියා කුඩු වී යන මට්ටමේ දරුණු එකක් වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

දේශපාලන ප්‍රහාර එල්ල කිරීමේදී තමන් අකුලගෙන නොසිටින බවත් ඕනෑම මොහොතක දරුණුතම ලෙස පෙරළා පහර දීමට සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ 159ක බලයක් සහ විධායක බලය අතැතිව තිබියදීත් ආණ්ඩුව විවේචන හමුවේ මෘදු පිළිවෙතක් අනුගමනය කරන බවට හිතවතුන් පවා ප්‍රශ්න කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කළේ,

“මම කළු කෝට් කාරයෙක් හොදේ. ගහන්න එන්න එපා. මම ජාතික ඇදුම ඇදලා ඉන්නේ. ඒ හින්දා ගහන්න බෑ. මම සිවුර ඇදලා ඉන්නේ. ඒ හින්දා ගහන්න බෑ. එහෙනම් ඒගොල්ලන්ට අපිට කියන්න තියෙන්නේ, දේශපාලනය කරන්න එනවා නම් එක්කෝ ඒවා පැත්තකින් තියලා එන්න. හැබැයි අපි දෙන්න ඕන විවේචනය මොකක් ඇදගෙන හිටියත්, ජාතික ඇදුම ඇදගෙන හිටියත් අපි ගහනවා. අදාළ නෑ.”

“ඉතින් අපි 159 නම් සහ විධායක බලය නම්, ඒක අපි හිතමු කාලතුවක්කුවක විතර බලයක් කියලා. ඉතින් කැටපොල්වලින් විදින්න ඕන ඒවට අපි කාලතුවක්කු පාවිච්චි කරන්නේ නෑ. ඒක කියන්න ඕන.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: