2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:14
ළමුන් මිලියන 20කට ආසන්න පිරිසක් වසරක කාලයක් තුළ ඩිජිටල් අවකාශයන් හරහා ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි.
ලොව රටවල් 21ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් මිලියන 20කට ආසන්න පිරිසක් එලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය කර ඇත.
අප්‍රිකාව, ආසියාව, ලතින් අමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය ඇතුළු රටවල අවුරුදු 12ත් 17ත් අතර අන්තර්ජාලය භාවිත කරන ළමුන්ගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වැඩි පිරිසක් පසුගිය වසර තුළ එක් ආකාරයක ලිංගික අපයෝජනයකට මුහුණ දී ඇති බව එම වාර්තාව සඳහන් කරයි.
ළමුන් මිලියන 15කට පමණ අනවශ්‍ය ලිංගික අන්තර්ගතයන්ට මුහුණ දීමට සිදුව ඇති අතර මිලියන 9ක් ලිංගික සංවාද වලට හෝ ලිංගික ඡායාරූප හුවමාරු කිරීමේ බලපෑම්වලට ලක්ව ඇති බවත් තවත් ළමුන් මිලියන 4ක පමණ ලිංගික ඡායාරූප අවසරයකින් තොරව බෙදාහැර ඇති බවද අනාවරණය වී ඇත.
එම සිදුවීම් වලින් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත්තේ Facebook, WhatsApp, Instagram, Snapchat සහ TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා වන අතර අන්තර්ජාල ක්‍රීඩා ආශ්‍රිතව සිදුවූ සිදුවීම් ප්‍රමාණය සියයට 14ක් පමණ වන බවද සඳහන් කරයි.
කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද ලිංගික අන්තර්ගතයන් සම්බන්ධයෙන්ද වාර්තාව අවධානය යොමු කර ඇති අතර දත්ත එක්රැස් කළ රටවල් 9කදී ළමුන් මිලියන 1.1ක් පමණ තමන් නිරූපණය වන කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කළ ලිංගික ඡායාරූප හෝ වීඩියෝ නිර්මාණය කර ඇත.
මෙවැනි සිදුවීම්වලින් අඩකට වැඩි ප්‍රමාණයකට ළමයා දැන සිටි පුද්ගලයෙකු සම්බන්ධ වී ඇති බවත් තවත් සියයට 38ක සිදුවීම්වලදී ළමයා පළමුව අපයෝජකයා හඳුනාගෙන ඇත්තේ අන්තර්ජාලය හරහා බවද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි.
තාක්ෂණය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වූ ළමුන් අතර සියදිවි නසාගැනීමේ සිතුවිලි හෝ තමන්ටම හානි කරගැනීමේ හැසිරීම් වාර්තා වීම අනෙකුත් ළමුන්ට සාපේක්ෂව සිව් ගුණයකින් පමණ වැඩි බවද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි.
මෙම පර්යේෂණය 2020 සිට 2025 දක්වා කාලය තුළ රටවල් 21ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් 21,000කට ආසන්න පිරිසක් සම්බන්ධ කර ගනිමින් සිදුකර ඇති අතර එය මෙවැනි ආකාරයේ සිදුකර ඇති විශාලතම අධ්‍යයන වලින් එකක් බව UNICEF සඳහන් කරයි.
ළමා ආරක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම, නව ආකාරයේ අපයෝජන ඇතුළත් වන පරිදි නීති යාවත්කාලීන කිරීම සහ වාර්තා කිරීමේ හා ළමා ආරක්ෂණ පද්ධති වැඩිදියුණු කරන ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) එම රටවල රජයන්ගෙන් සහ තාක්ෂණික සමාගම් වලින් ඉල්ලා ඇත.
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:13
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26