hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2026 ජනවාරි 23, ප.ව. 2:09



ඉහළ ගිය සිහින දැකපු වැටුප බැංකු ගිණුම් වලට රාජ්‍ය සේවක වැටුප් මේ මාසයේ සිට සැළකිය යුතු මට්ටමින් ඉහළ නංවා තිබෙන බව වාර්තා වේ මෙලෙස වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් රජයට සිය ප්‍රසාදය පළ කර ඇත.

මේ අතර පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ නැංවීමට ද කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ මාසයේ සිට ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ දෙවන අදියරයි .

එම වැටුප බොහෝ රාජ්‍ය සේවකයන්ගේ බැංකු ගිණුම් වෙත මේ වන විටත් බැරවී ඇති බවත් සදහන්ය.

වත්මන් රජය රාජ්‍ය සේවකයන්ට පෙර නොවූ විරූ ලෙස වැටුප් ඉහළ නංවමින් කළ සේවයට එම රාජ්‍ය සේවකයන් තම කෘතඥතාව පළකර සිටියි.

ඒ වගේම පාසල් ගුරුවරුන් ද වැටුප් වැඩි කිරීම ගැන රජයට තම ස්තුතිය පළ කර ඇත ඔවුන් සදහන් කර තිබෙනුයේ දිගුකලක් තිස්සේ තම ගැටලුවක් විසඳවනවාට අමතරව වැටුප් වැඩි කරමින් තම මෙහෙවර ගෞරවාන්විත සේවාවක් ලෙස අගය කිරීම ගැන ප්‍රසාදය පල කරන බවයි.

මේ අතර 2026 ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ නැංවීමට ද කටයුතු කර ඇත .

ඒ අනුව දෛනික වැටුප ද රුපියල් 1080 සිට රුපියල් 1200 දක්වා මේ අනුව ඉහළ නැංවේ තවද 2025 අංක 11 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනත යටතේ මෙම වැටුප් ඉහළ නැංවිම සිදුකර  තිබේ.

ඒ අනුව අදාල සේවා යෝජකයා ගෙවීම් සිදුකළ යුතුව තිබේ මෙම සංශෝධන පනත නිසිලෙස ක්‍රියාත්මක කිරීමේදි අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවෙකු හරහා සේවය කරන සේවකයෙකු සම්බන්ධයෙන් ආසන්නතම සේවා යෝජකයා මෙන්ම අවසාන සේවා යෝජකයා ද ඇතුළුව සෑම සේවා යෝජකයෙකුම පනතේ නියමයන්ට බැඳී සිටියි.

සංශෝධිත පනතේ 4 වන වගන්තියට අනූව අයවැය සහන දීමනාවන් එකතු කිරිම හැරුණු විට සේවකයෙකු 2025-03-31 වනවිට ලබමින් සිටි වෙනත් කිසිම දීමනාවක් අවම වේතනය සඳහා හිලව් කිරිමට යොදා නොගතයුතු බවයි .

තවද මීට සමගාමීව සේවක අර්ථ සාධක අරමුදල් / සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් / අතිකාල / පාරිතෝෂිත / ප්‍රසූතිකාගාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් ආදි සියලු ගෙවීම් ඉහළ යනු ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.

කම්කරු දෙපාර්තමේන්තුව පවසන්නේ නිසි පරිදි ගෙවීම් නොකරන සේවා යෝජකයන් වෙතොත් කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතියට හෝ ළගම පිහිටි කම්කරු කාර්යාලයට පැමිණිලි කළ හැකි බවයි .





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: