hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2026 ජනවාරි 23, ප.ව. 6:37



පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන් රජය අවධානය යොමුකර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“මම හරි පැහැදිලිව කිව්වා EPF සහ ETF අරමුදල් දෙකේ වෙනස. අපි EPF එක  විශ්‍රාම වැටුපකට පරිවර්තනය කරනවා කියලා මම කිව්වේ නැහැ. මම කියපු එක වැරදි විදියට ගියා..මේ EPF එක තියෙන්නේ සමාජ ආරක්ෂණය වෙනුවෙන්. අපි අවධානය යොමු කරලා තිබෙනවා පෞද්ගලික අංශයට, අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන්. එහෙම නැතුව EPF අරමුදල විශ්‍රාම වැටුපකට පරිවර්තනය කරනවා කියලා කිව්වේ නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: