hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2026 ජනවාරි 25, පෙ.ව. 12:36



ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විවිධ ආයතනවලට සහ පුද්ගලයන්ට ඉකුත් වසර පහක කාලයේදී ලබා දී ඇති නිර්දේශ දෙසීයකට වැඩි ප්‍රමාණයක් නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වේ.

ඒ අනුව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ පැමිණිලි විභාග කර දුන් නිර්දේශ හැට අටක්( 2001- 2024 කාලයේදී) සම්බන්ධයෙන් පසු විපරම් කිරීමේදී ඉන් ක්‍රියාත්මක කර ඇත්තේ හෝ එකඟතාව ලබා ගැනීමට හැකිව ඇත්තේ නිර්දේශ දොළහකට පමණක් බව‍යි.

එමෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම වැදගත් බව ද විගණන නිලධාරීන් පෙන්වා දෙ‍යි.

මෙම තොරතුරු ජාතික විගණන කාර්යාලයේ 2024 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. එසේම 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ පවත්වන ලද විමර්ශනවලින් අනතුරුව නිකුත් කරන ලද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සියලුම රාජ්‍ය ආයතන සතු නීතිමය බැඳීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නැවතත් අවධාරණය කර ඇත.

තවද කොමිසම සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සහ ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා ප්‍රධානීන්ට සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට මෙම බැඳීම මතක් කරමින් නිල නිවේදනයක්ද නිකුත් කර ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: