hit counter

2026 ජනවාරි මස 26 වන සඳුදා

2026 ජනවාරි 26, ප.ව. 1:07



මෙවර Bharat Rang Mahotsav (BRM) ජාත්‍යන්තර නාට්‍ය උළෙල සඳහා තේරුණු මෙරට නිෂ්පාදිත නාට්‍ය දෙක ඒ සඳහා ඉදිරිපත්කරවීමට ආණ්ඩුවට මුදල් නැතැයි පවසන බව ජනප්‍රිය නළු ජෙහාන් අප්පුහාමි පවසයි.

මෙම නාට්‍ය උළෙල සඳහා චාමික හත්ලහවත්තගේ කොළඹ හතේ තොරණ සහ බුද්ධික දමයන්තගේ මට සිහිනයක් ඇත නාට්‍ය ද්විත්වය මෙලෙස අදාළ උළෙල සඳහා තෝරාගෙන ඇත.

ආණ්ඩුව පැමිණියේ සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කරන බව ප්‍රකාශ කරමින් බවත් භාණ්ඩාගාරයේ මුදල් උතුරන බව ආණ්ඩුවේ නායකයන් උදම් අනන බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩු සමයේ තම නාට්‍යද මෙවැනි ජාත්‍යන්තර උළෙල ගණනාවක් සඳහා තේරුණු බවත් එම ආණ්ඩු සිය නාට්‍ය රැගෙන විදෙස්ගත වීමට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවත් ජෙහාන් අප්පුහාමි සිහිපත් කරයි.

මෙම නාට්‍ය උළෙල සඳහා අපේ රටේ නාට්‍ය දෙකක් තෝරාගැනීමම ජයග්‍රහණයක් බවත් රට ජාත්‍යන්තර තලයේ නියෝජනය කිරීම සඳහා ආණ්ඩුව අවශ්‍ය පහසුකම් ලබාදියයුතු බවත් ඔහු අවධාරණය කළේ වීඩියෝවක් නිකුත් කරමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: