hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි 05, ප.ව. 12:00



පහුගිය කාලෙ ස්ටෙෆ්නි සිරිවර්ධන ගැන සමාජ මාධ්‍ය පුරා සෑහෙන කතාබහක් ඇති වුණා.

ඒ, ඇය ඇතුළු හය දෙනෙකුගෙන් යුත් පිරිසක් රජය විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධාන නිරීක්ෂණ කමිටුව සඳහා කළ පත් කිරීම සම්බන්ධයෙන්.

මේ ගැන බොහෝමයක් දෙනාගෙ අවධානය යොමුව තිබුණෙ, ස්ටෙෆ්නි හුදෙක් ‘නිරූපණ ශිල්පිනියක්’ කියන නිර්ණායකයට අනුගතව.

කොහොම නමුත් පසුව ඈට ඒ සඳහා වන සුදුසුකම් සහ අත්දැකීම් ප්‍රසිද්ධියේ ම කතාබහට ලක්වෙන්න ගත්තා.

ඒත් එක්කම සෘණාත්මක තොරතුරක් හැටියට සමාජගත වුණු මේ සිදුවීමට, ධනාත්මක ප්‍රතිචාර ලැබෙන්න මහලොකු කාලයක් ගියේ නෑ.

අද ස්ටෙෆ්නිගෙ උපන්දිනේ !

උපන්දිනේ දවසට සුබපැතුම් එක්කාසු කරනගමන් ම, දුෂ්‍යන්ත් වීරමන් ඒ කියන්නෙ ස්ටෙෆ්නිගෙ ආදරණීය සැමියා මේ සිදුවීම ගැන කතා කරලා තිබුණා….

එම සම්පූර්ණ සටහන පහතින්,

”Happy Birthday Stephanie!

සුභ උපන් දිනයක් වේවා ස්ටෙෆනී!

අද මේ ලියන්න යන දේ කොහෙන් පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නෑ. දැනටමත් phone එක අල්ල ගෙන විනාඩි කිහිපයක් ගියා, මුකුත් type කරගන්න බැරි වුනා.

ඇත්තටම කියන්න මම මේ 2026 අවුරුද්දට දාන පළමුවන post එක. ඊට හේතු ගනනාවක් තිබුනා. නමුත් අද වගේ දවසක් නිහඩව ඉන්න බෑ. මොකද අද ස්ටෙෆනිට සුභ උපන් දිනයක් wish කරනවට වඩා දෙයක් ලියවෙන්න ඕන කියලා හිතුන නිසා.

ඔයාලා හැමෝම වගේ දැනටමත් දන්නවා ස්ටෙෆනි ගැන පහුගිය දින වල ප්‍රචාරය වුන කතා. මුලින්ම ඔය කතාව එලියට එන්නේ ඇය බන්දනාගාර අදීක්ශන කමිටුවට පත්වීම ගැන සුභ පැතීමක් හැටියටයි. නමුත් ඒ කමිටුවේ ඉන්න අනිත් අය කිසිම කෙනෙකු highlight නොකර ස්ටෙෆනිව පමනක් Target කලේ, ඊලඟ දවසේදී ඇයට මඩ පහරක් ගහන්න පටන් ගන්නයි. නමුත් ස්ටෙෆනිට සිංහල තේරෙන්නෙත් නැති නිසා මුලින්ම facebook එකේ යන මේ දේවල් මේ ගැන අහන්නේ මගෙන්. මේ වෙනකොට මේක දේශපාලන ව්‍යාපාරයක් විසින් මෙහෙය වන්නක් බව හොඳටම පැහැදිලි වුනා. ඉතින් අපට කල හැකි වුනේ එකම දෙයයි. මුකුත් නොකියා දෙය්යන්ට කියන එකයි.

ඒ කියන්නේ කවුරු මොනා කිව්වත් ස්ටෙෆනිගේ හිතේ ඉන්න දෙවියන් දන්නවා ස්ටෙෆනිගේ සත්‍ය. ඉතින් දෙවියන්ට භාර දුන්න මේ දේශපාලන පහර දීම අවසන් වුනේ මුලු රටේම ඉන්න ඇගේ fansලා සහ fans නොවන අයද ඇය වෙනුවෙන් කතා කිරීම. කිසිම දිනක කිසිම කෙනෙක්ට මේ වගේ දේශපාලන මඩ ගැසීමකදී මෙවැනි support එකක් මිනිස්සුන්ගෙන් එනවා මම මගේ ජීවිතේට දැකලා නෑ. එදා තමයි මටත් ස්ටෙෆනීගේ අවුරුදු ගනනාවක් තිස්සේ නිහඬව කල හොඳ වැඩවල ශක්තිය පෙනුනේ. අවුරුදු ගනනාවක් තිස්සෙ ස්ටෙෆනී අපි සාමන්‍ය මිනිස්සු අසරනයට උදව් කරනවා වගේ දේවල් නෙමෙයි කලේ. අපි කවදාද හිරේ ඉන්න මිනිස්සුන්ට වන අසාධාරණයක් ගැන කතා කලේ. අඩුම තරමේ සිහියට වත් ගන්නේ.

ඇය ජිවිතය දිහා බලන්නේ අමුතුම මානුෂික පැත්‍තකින්. කොහොම හරි ඇයට දේශපාලන ව්‍ය්‍යාපාරයකින් මඩ ගහන්න පටන් ගත්තට ඊට එරෙහිව, මහජනතාවගේ ඇයට ඇති ආදරය නිසාම එම දේශපාලන ව්‍ය්‍යාපාරය අනිත් පැත්ත ගහන්න වැඩි කලක් ගියේ නෑ. මඩ ගහන්න පටන් ගත්තු අය ඔළුව අතේ ගහගන්න ඇති.

ඒ වගේම එතකල් ස්ටෙෆනී ඉතාම නිහඬව කල මානුෂික ක්‍රියා ගැන ප්‍රසිද්ධියේ හැමෝටම කියන්න ඇයට පුදු අවස්තාවක් ලැබුනා. යන යන තැන හැමෝම ඇගෙන් interview ගත්තා. දක්ශතා ගැන ඇයට මුලු රටට ඇහෙන්න කතා කරන්න අවස්තාව ලැබුනා. ඇගේ හොඳ ගතිගුනවලට ඇරෙන්න ඇගේ කුසලතා ගැන, අධ්‍යාපන සුදුසුකම් ගැන සහ ඇගේ බිකිනි ඇන්දලා ගත්තු පින්තූර 2011 දී miss universe තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කල ඇවස්තාව බව මිනිස්සුන්ට මතක් කරන්න උදව් වුනා! කිසිම බලපෑමකින් තොරව ජාතික රූපවාහිනිය සහ රටේ ප්‍රසිද්ධ නාලිකා හැමෝම වාගේ ඇගේ පසුපසින් ආවා.

මේ වෙන දේවල් ඔක්කොම දිහා බලන් හිටින මට ඇයට සහයක් දෙන්න තිබ්බේ වචන වලින් හෝ හාද්දකින් පමනයි. නමුත් මට මගේ සිහියට ආවේ එකම දෙයයි.

ස්ටෙෆනී දෙය්යොන්ට භාර දුන්න දේ අකුරටම දෙය්යෝ කලා. ස්ටෙෆනිට ඇගේ නොසැලන ශක්ති ඇය පෙන්නුවේ නිහඩ කමින්.

මට කියන්න තියෙන්නේ තව එකම දෙයයි.

I am so proud of you! Stephanie!

Today you have inspired me and I’m sure you have inspired millions more.

Your message is clearly – no matter what live your life with passion. Don’t let anybody take that away from you. You are a blessed child of God!

I love you!

“කවර අවර දුක ආවද ලඟ හිදපන් බදා, මගේ සුදා!”

ඉහලින් ඇති වදන Stephanie වෙනුවෙන් නිර්මානය කරපු ගීතයක පද රචනයේ කොටසක්. මේ සින්දුව කරලත් ටික කලක් වෙනවා. නමුත් release කලේ නෑ.

අද ස්ටෙෆනිගේ උපන් දිනේ නිසාම මම ඒකට ගැලපෙන පින්තූර කිහිපයක් දාලා YouTube දාලා link එක පහලන් දාන්නම්.

Many happy returns of the day my darling Stephanie!

ඔයලත් ස්ටෙෆනිට happy birthday කියාගෙන යන්න අමතක කරන්න එපා!

ආදරෙයි! ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: