hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 07, පෙ.ව. 12:28



ආණ්ඩුව අද වැටේවි, හෙට වැටේවි යැයි විපක්ෂය විවිධ ප්‍රකාශ සිදු කළද, වත්මන් රජය එලෙස පහසුවෙන් බිඳ නොවැටෙනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

“විපක්ෂය විවිධ කතා කීම දේශපාලන ස්වභාවයයි. නමුත් 159ක මන්ත්‍රී බලයක් තිබෙන ආණ්ඩුවක් ගහක ගෙඩි වට්ටන ආකාරයට ලෙහෙසියෙන් කඩා වැටෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන් 159කගේ සහයෝගය තිබෙන රජයක් බිඳ දැමීම සරල දෙයක් නොවෙයි.”

උත්සව සභාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: