hit counter

2026 පෙබරවාරි මස 09 වන සඳුදා

2026 පෙබරවාරි 09, පෙ.ව. 11:32



ජනප්‍රිය නිළි පේෂානි ඒකනායක ගැන පහුගිය දිනවල සමාජ මාධ්‍යයේ කවුරුත් කතාබහ කරන්න ගත්තා.

ඒ ඇයගේ ප්‍රේම සබඳතාව බිඳවැටී ඇති බවට පැතිරුණු කතා එක්ක.

මේ කතාවට හේතුවෙලා තිබුණෙ ඇයගේම ෆේස්බුක් සටහනක කමෙන්ටුවකට ඇය ම දක්වා තිබූ ප්‍රතිචාරයක්.

”ඔබට නොගැලපෙන්නේ නම් දික්කසාද වීම ප්‍රශ්නයක් නොවෙයි!

ආදර සම්බන්ධතා බිදවැටීම ප්‍රශ්නයක් නොවෙයි!

බිංදුවටම වැටෙන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ!

තනියම ජීවත් වීමත් ප්‍රශ්නයක් නැහැ!

මානසිකව වැටුනත් ප්‍රශ්නයක් නැහැ!

ඔබ කෙතරම් බිදවැටුනත් නැවත ඒ දේවල් සියල්ලම ආරම්භ කරන්න පුලුවන්!

සැබෑම ප්‍රශ්න වන්නේ ඔබ සතුටින් නොසිටින තැන්වල රැදී සිටීමයි! ඔබට ඔබවම අහිමිවීම යි!

ඔබට වටිනාකමක් නොලැබෙන තැන්වල ජීවත්වීම යි!”

මේ පෝස්ටුවට, පේෂානි ඒකනායකගේත් ඇගේ පෙම්වතාගේත් සේයාරුවක් කමෙන්ට් කර තිබුණා.

ඊට ප්‍රතිචාර වශයෙන් ඇය ”We are no longer together. Thanks” මැයෙන් සටහන් කළ ප්‍රතිචාරයකි, ඇයගේ ප්‍රේම සබඳතාව බිඳවැටී ඇති බවට පැතිරුණු කතාබහට හේතු කාරණා වෙලා තිබුණෙ.

ඒ කොහොම නමුත්, ඊයේ දින ඇය නැවතත් පෝස්ටුවක් මඟින් රසික සමූහයාට දන්වා තිබුණා, තමන් දෙදෙනා ආදරෙන් පසුවන බවට.

”අපි නම් හොදින් ආදරෙන් Awantha Ranganath

Post හදන අය කියන කතා අපිත් දැනගන්නේ post වලින්ම තමා ”

ඒ වගේම ඇය පෙර දක්වා තිබූ ප්‍රතිචාරයත් ඉවත්කරගෙන…

නිර්මාණවලින් සේ ම සමාජ මාධ්‍ය ඔස්සේත් අසීමිත රසික ආදරයක් ලබන පේෂානි ඒකනායකට ආදරේ කරන කාටත් මේ ආරංචිය සුබ පණිවුඩයක් වේවි.

මොකද ඇයගේ ආදර කතාවත් සමාජ මාධ්‍යයේ බොහොම ජනප්‍රියයි.

පේෂානි ඒකනායක කියන්නෙ, කාලෙකට කලින් අපේ ජාතික ෆුට්බෝල් කණ්ඩායමේ සාමාජිකාවක්.

ඇය රංගන ශිල්පිනියක් හැටියට වඩාත් කතාබහට ලක්වන්නෙ චලෝ, සික්ස් පැක්, ලලයි ලිලයි ලයි වැනි ටෙලි නිර්මාණ එක්ක.

ඒ වගේම වෙළෙඳ දැන්වීම්වලිනුත් ඇගේ රුව ඔබට වඩාත් සමීප ඇති…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: