2026 පෙබරවාරි 10, පෙ.ව. 12:03
බස් රථයේ හිමිකරුවා නොදැන මත්ද්‍රව්‍ය භාවිතා කරන බස් රථ රියදුරු හෝ කොන්දොස්තරවරයෙකු ඉන්න පුළුවන් කියා විශ්වාස කරන්නේ නැති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
එනිසා මත්ද්‍රව්‍ය භාවිතා කරන බස් රථ රියදුරෙකු හෝ කොන්දොස්තරවරයෙකු හඳුනා ගැනීමට හැකි වුවහොත් එම බස් රථයේ හිමිකරුගේ මාර්ග බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,
“බස් හිමියා දන්නවා තමන්ගේ බස් රථ රියදුරා හෝ කොන්දොස්තරවරයා මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද නැද්ද කියලා. ඒනිසා බස් හිමියන්ට කියනවා, කිසිසේත්ම ඊට ඉඩ දෙන්න එපා. එසේ නොවුණොත් මාර්ග බලපත්‍රය නැතිවෙන්න පුළුවන්.
අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ බස් රථයේ හිමිකරුවා නොදැන මත්ද්‍රව්‍ය භාවිතා කරන බස් රථ රියදුරු හෝ කොන්දොස්තරවරයෙකු ඉන්න පුළුවන් කියලා. ඒනිසා ඔබේ බලපත්‍රය අහිමි කරගන්නවා වෙනුවට වගකීමෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නොවුණ යොදව ගන්න ඔබේ ව්‍යාපාරයට. නැත්නම් ඔබට ව්‍යාපාරය අහිමි වෙයි.”
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි.
2026 පෙබරවාරි 10, ප.ව. 1:09
2026 පෙබරවාරි 10, පෙ.ව. 11:29
2026 පෙබරවාරි 10, පෙ.ව. 9:40
2026 පෙබරවාරි 10, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 10, පෙ.ව. 12:11
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26