2026 පෙබරවාරි 10, පෙ.ව. 12:11
රජයට එරෙහිව වත්මන් සමාජය තුළ මතු වෙමින් පවතින විවිධ විරෝධතා රැලි අවසානයේ වෙරළේ වැදී ආපසු යන රැලි බවත්, එවැනි අරගල පැවතීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට සුදුසු ලක්ෂණයක් බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විරෝධතා පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
“රැලි ආවොත් මොකද වෙන්නේ? රැලි ආපහු යනවා. මෙතෙක් දවස් ආපු විරෝධතා හැම රැල්ලක්ම ආපහු ගිහිල්ලා තියෙනවා. වෛද්‍යවරුන්ගේ රැල්ලත් වැල්ලේ වැදිලා, වෙරළේ වැදිලා ආපහු යන්න ගිහිල්ලා තියෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.
ඔහු පෙන්වාදෙන්නේ, විරෝධතා මතු වීම දේශපාලනිකව රජයට වාසිදායක බවත්, එමඟින් ලෝකය හමුවේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක් ලෙස තහවුරු වන බවයි.
මේ අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා අටදහසකගේ සහභාගිත්වයෙන් කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට යන සූදානම පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියා.
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා, “උන්වහන්සේත් කරලා බලයි, බලන්න විතරයි වෙන්නේ ඔය කරපු දෙන්,” යනුවෙන් ප්‍රකාශ කළා.
මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක් බැවින් ඕනෑම අයෙකුට උද්ඝෝෂණය කිරීමේ අයිතිය ඇති බවත්, එමඟින් රටේ ප්‍රතිරූපය නරක නොවන බවත් ලාල්කාන්ත අමාත්‍යවරයා පවසනවා.
රට තුළ පවතින අනෙකුත් සියලු ගැටලු රජය මේ වන විටත් විසඳා ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඉදිරියටත් යම් ප්‍රශ්නයක් මතු වුවහොත් ඒවා විසඳීමට රජය සූදානම් බව අවධාරණය කළා.
2026 පෙබරවාරි 10, පෙ.ව. 11:29
2026 පෙබරවාරි 10, පෙ.ව. 9:40
2026 පෙබරවාරි 10, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 10, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 10, පෙ.ව. 12:09
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26