2026 පෙබරවාරි 09, ප.ව. 4:16
බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් ස්වකීය ධුරය රැකගැනීම සඳහා ප්‍රබල සටනක නිරත වී සිටිනවා.
ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී මෝර්ගන් මැක්ස්වීනි ඉල්ලා අස්වීමත් සමග මෙම තත්ත්වය තවත් බරපතල වී තිබෙනවා. එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය තානාපති ලෙස පීටර් මැන්ඩල්සන් යෝජනා කළේ තමන් බවත් එම නිසා තමන් වගකීම භාරගෙන ඉල්ලා අස්වන බවත් මැක්ස්වීනි කියා සිටියා.
මෙම අර්බුදය ඇතිවූයේ පීටර් මැන්ඩල්සන් 2008 න් පසුවත් කුප්‍රකට සහ ආන්දෝලනාත්මක චරිතයක් වූ ජෙෆ්රි එප්ස්ටීන් සමග සම්බන්ධතා පැවැත්වූයේ යැයි කියර් ස්ටාමර් දැන සිටි බව හෙළිවීමත් සමගයි. එප්ස්ටීන් 2008 දී අධිකරණයක් හමුවේ බාලවයස්කාරියන් ගණිකාවන් සේ ජාවාරම් කිරීම පිළිබඳ වරදකරුවකු බවට තීරණය කෙරුණා.
එම තත්ත්වය යටතේ මැන්ඩල්සන් තානාපතිවරයකු ලෙස පත්කිරීම පිළිබඳ ස්ටාමර්ට එරෙහිව විරෝධය ගොඩනැගී තිබෙනවා. එම විරෝධය ඔහුගේම ලේබර් පක්ෂය තුළ ද ඉතා බරපතල තත්ත්වයකට නැගී තිබෙනවා.
මැක්ස්වීනි ඉල්ලා අස්වීම පිළිබඳව ද ඇතැම් ලේබර් මන්ත්‍රීන් බලන්නේ සැක මුසුවයි. එය ද ස්ටාමර්ට දිගටම බලයේ රැඳීම සඳහා කරන උපායක් බවයි ඔවුන් කියා සිටින්නේ. මේ අතර ස්ටාමර් අද දින සිය පාර්ලිමේන්තු කණ්ඩායම ඇමතීමට නියමිතයි.
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59
2026 පෙබරවාරි 06, ප.ව. 11:48
2026 පෙබරවාරි 04, ප.ව. 2:44
2026 පෙබරවාරි 03, ප.ව. 12:51