2026 පෙබරවාරි 11, පෙ.ව. 12:21
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පදිංචිකරුවන් ආරක්‍ෂා කිරීමේ (කුලී නිවාස) පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එකී පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි හා ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය. එම පනත් කෙටුම්පත පිළිබඳව මහජන අදහස් හා යෝජනා ලබාගැනීමට අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි 03 වැනිදා සිට මාසයක කාලයක් ලබාදී ඇති බවද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඬුල්ල හමුවේ පැවසීය.
එකී කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම් සම්බන්ධයෙන් විභාගය අවසන් කිරීමටද තීන්දු කළේය. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පදිංචිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනු කර තිබිණි.
එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කොට තිබිණි. කුලී නිවැසියන් ආරක්‍ෂා කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති වුවත් එහි අඩංගු කරුණු අනුව ඉඩම් හිමියන්ට හා නිවාස හිමියන්ට අගතියක් සිදුවන බවත්, පනත් කෙටුම්පතේ අඩංගු අංක 1 සිට 14 දක්වා වූ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත්, සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ පෙත්සම්කරු එකී වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට නිගමනය කරන තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:12
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:10
11-02-26
11-02-26
11-02-26
11-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26