2026 පෙබරවාරි 10, ප.ව. 1:55
මෙවර T 20 ලෝක කුසලානයේ ඉන්දීය සහ පාකිස්ථානය අතර තරගය ක්‍රීඩා කිරීමට පාකිස්ථාන රජය එකඟතාව පළ කර තිබේ.
බංග්ලාදේශ තරගාවලියෙන් ඉවත් කරමින් ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කරන්නට ICcCය පියවර ගැනීමත් සමග එම තීරණයට සිය විරෝධය පළ කළ පාකිස්ථානය ඉන්දු – පාකිස්ථාන තරගය වර්ජනය කරන බවට පවසා සිටියේය.
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් අතර පැවති දුරකථන සංවාදයකින් පසුව පාකිස්ථානය,ඉන්දියාව සමග තරගය ක්‍රීඩා කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ ඉල්ලීමට එකඟ වෙමින් ඉන්දියා තරගය ක්‍රීඩා කිරීමට පාකිස්ථානය ගත් තීරණයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ,පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය ද පළ කළා.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය පෙබරවාරි මස 15 වනදා කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
2026 පෙබරවාරි 09, පෙ.ව. 11:19
2026 පෙබරවාරි 08, පෙ.ව. 7:42
2026 පෙබරවාරි 07, පෙ.ව. 11:54
2026 පෙබරවාරි 06, ප.ව. 11:38
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:28