hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2026 පෙබරවාරි 11, පෙ.ව. 8:34



T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා ICCයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබාදී තිබේ.

අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳු හසරංගට T 20 ලෝක කුසලාන තරගාවලිය අහිමිව ගියේය.

ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය හෙට ඕමානය සමඟ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.