hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2026 පෙබරවාරි 11, ප.ව. 2:43



ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් එරට දෙසට තවත් ගුවන් යානා ගෙනයන නෞකාවක් ප්‍රධාන බල ඇණියක් යැවීම කෙරෙහි අවදානය යොමු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මේ වනවිට ද ඒබ්‍රහම් ලින්කන් නෞකා කණ්ඩායම ඉරානය ආසන්නයෙහි අරාබි මුහුදේ රැඳී සිටිනවා.

කෙසේ වෙතත් ට්‍රම්ප් පවසන්නේ ඉරානය තමන් සමග එකඟතාවයක් ඇතිකරගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. පසුගිය වසරේ තමන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත පහරදෙනු ඇතැයි ඉරානය බලාපොරොත්තු නොවූ බවත්, එම පියවරෙන් පසු ඉරානය තමන්ගේ පියවර පිළිබඳ විමසිලිමත් බවත් ඔහු පවසා තිබෙනවා.

ඉරානය සමග නොබෝදා ඇරඹි සාකච්ඡාවල දෙවැනි වටය ලබන සතියේදී සිදුවනු ඇතැයි ට්‍රම්ප් විශ්වාස කරනවා. පළමු වටයේ සාකච්ඡාවලදී යුරේනියම් බලගැන්වීමේ ක්‍රියාවෙන් ඉවත්වීම ඉරානය ප්‍රතික්ෂේප කළා.

නමුත් ඉරානය සමග එකඟතාවයකට එළඹීමේ හැකියාව පිළිබඳ තමන් බලාපොරොත්තු සහගත බව ට්‍රම්ප් පවසනවා.