hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2026 පෙබරවාරි 15, පෙ.ව. 12:10



ඉදිරි ආණ්ඩුවකදී ජනාධිපති කොමිසමක් මගින් අරගලයට මුදල් ආපු ක්‍රමය සහ එම මුදල් බෙදාගත්තු ආකාරය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකර සියලු තොරතුරු රටට හෙළි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ කියා සිටියේ,

“පැහැදිලිවම අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ආපු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරලා ඒ කාරණය පිළිබඳව සොයනවා. මොකද ඇමරිකානු ජනාධිපතිවරයා පවා ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක ආණ්ඩු වෙනස් කරන්න විදේශ මුදල් යොදාගත් ආකාරය පිළිබඳව UsAid ආයතනය හරහා මුදල් යෙදෙව්වා කියන කාරණය සඳහන් කරලා තියෙනවා.

පැහැදිලිවම මේ අයට විදෙස්වලින් මුදල් ආවා. ඒ හින්දනේ අර අරගලයේ හිටපු සමහර අය අද සමාජයට ඇවිල්ලා කියන්නේ අපි වාහන ගත්තා, අපි ගෙවල් ගත්තා, අපි රට ගියා. මේ එක්කම තමන්ට වාහන ගන්න තමන්ට ගෙවල් ගන්න තමන්ට රට යන්න අවස්ථාව යොදා ගැනීම සඳහා බිල්ලට ඉලක්ක වුණු දරුවන් අද එල්ලුම් ගස් ගියා.

අරගලයේම එක කොටසක් වාහන ගන්නයි, එක කොටසක් මැති ඇමතිවරු වෙන්නයි , තවත් කොටසක් ගෙවල් ගන්නයි , තවත් කොටසක් පිටරට ගිහිල්ලා පදිංචි වෙන්නයි , තවත් දොළොස් දෙනෙක් එල්ලුම් ගස් යන්නයි බෑනේ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: