hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2026 පෙබරවාරි 15, පෙ.ව. 12:08



ඒ සිද්ධිය ගැන මේ වනවිටත් බොහෝ විමර්ශන ක්‍රියාත්මකයි.

මේ ඇසෙන්නේ ඔවුන්ගේ ඝාතන සිද්ධිය ගැන අද දවසේ ඇසෙන තවත් එක් කතාවක්.

බත්තරමුල්ල – අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළදසැලක රථ ගාලක් තුළ නීතිඥවරයෙකු සහ ඔහුගේ නීතිඥ බිරිද වෙඩිතබා ඝාතනය කිරීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක කරනවා.

ඒ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නැමැත්තාට සිය නඩු කටයුතුවල තොරතුරු ලබාදුන් බවට ඇති වූ සැකයක් මත බවටයි විමර්ශනවලදී හෙලිව ඇත්තේ.

අදාළ නීතිඥවරයා මීට පෙර කරන්දෙණිය සුද්දාගේ නඩුවලට පෙනී සිට තිබෙනවා.

කෙසේ වෙතත්, පසුව දෙදෙනා අතර, අමනාපයක් ඇතිව තිබෙන බවයි විමර්ශනවලදී අනාවරණය වන්නේ. ඒ අනුව, ඊයේ අදාළ නීතිඥවරයා ලොකුපැටී නැමැත්තාගේ නඩුවලට කඩුවෙල උසාවියේදී පෙනී සිට තිබෙනවා.

පසුව ඔහු සිය බිරිද සමඟ යළි පැමිණෙන අතරතුර අකුරේගොඩ හමුදා මූලස්ථානය ආසන්නයේ පිහිටි සුපිරි වෙළද සැලක රථ ගාලක් අසළ සිටියදී සිය සුඛෝපභෝගී මෝටර් රථයේ සිටියදී තවත් මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණා.

ඔවුන් ඒ සදහා ටී – 56 ගිනි අවියක් සහ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල අවියක් භාවිත කර ඇති බවටයි අනාවරණය වන්නේ.

ඒ අසළ තිබූ සී.සී.ටී.වී දර්ශනවලද ඔවුන් වෙඩිතබා පළා යන ආකාරයද දක්නට ලැබුණා.

එමෙන්ම, වෙඩිතැබීම සදහා පැමිණි මෝටර් රථයේ වෙඩික්කරුවන් දෙදෙනා ඇතුලු 04 දෙනෙකු ද සිට ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩිවැදීමෙන් මියගිය පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 45 ක් වන අතර, කාන්තාව 42 හැවිරිදි වියේ පසුවනවා.

මියගිය පුද්ගලයා බුද්ධික මල්ලවආරච්චි නැමැති නීතිඥවරයා බවට හදුනාගෙන ඇති අතර, ඔහු මීට පෙර සංවිධානාත්මක අපරාධ නඩු ගණනාවක් සදහා පෙනී සිට තිබුණා.

වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුලු පොලිස් කණ්ඩායම් 10 ක් මේ වන විට යොදවා තිබෙනවා.

මෙම වෙඩි තැබීමත් සමග වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීම් සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළ යන අතර ඉන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: