2026 පෙබරවාරි 17, පෙ.ව. 12:13
ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් මස පළමුවැනිදා සිට රේගුවේදී සියයට දෙකහමාරක (2.5%) බද්දක් අය කිරීමට අයවැයෙන් අනුමතවීම නිසා අප්‍රේල් සිට වාහන මිල ඉහළ යන බව වාහන ආනයනකරුවෝ පවසති.
මේ අනුව රුපියල් ලක්ෂ 100 ක වාහනයක වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරකින්(250,000) වැඩිවන බවද ඔවුහු කියා සිටිති.
මෙම බද්ද මීට පෙර පැවැතියේ සියයට 1.25 (එකයි දශම දෙකයි පහක) ලෙස බවද මේ අනුව රේගුවේදීම අදාළ බද්ද ගෙවිය යුතු බව වාහන ආනයනකරුවෝ සඳහන් කරති.
එමෙන්ම, මේ වන විට ජපානයේ වාහන වෙන්දේසි කරන ආයතනවලද වාහන මිල ගණන් ඉහළ ගොස් ඇති බවද වාහන ආනයනකරුවෝ කියා සිටිති.
කෙසේ නමුත්, මේ වන විට ආනයනය කර තිබෙන වාහන සඳහා මෙම සියයට 2.5% (සියයට දෙකයි දශම පහ) බද්ද අය නොවන බවද ඔවුහු පවසති.
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:18
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:11
17-02-26
17-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26