hit counter

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 පෙබරවාරි 16, ප.ව. 2:32



වෙනෙසුවේලාවේ ජනාධිපති නිකුලස් මදුරෝ පැහැරගැනීම සඳහා කළ මෙහෙයුමේදී ඇන්ත්‍රොපික් සමගම විසින් හඳුන්වා දුන් ක්ලෝඩ් කෘත්‍රිම බුද්ධි යෙදවුම යොදාගෙන තිබෙන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කළා.

ඇන්ත්‍රොපික් සමාගමට පැලැන්ටීර් සමාගම සමග ඇති ගිවිසුම ඔස්සේ මෙම යෙදවුම භාවිතා කිරීමට යුධ දෙපාර්තමේන්තුවට අවස්ථාව ලැබී ඇති බවයි සඳහන් වන්නේ. පැලැන්ටීර් සමාගම ඇමරිකානු යුධ දෙපාර්තමේන්තුව සමග සමීපව කටයුතු කරනවා.

කෙසේ වෙතත්, ක්ලෝඩ් යෙදවුම අදාල මෙහෙයුමේදී භාවිතා වී ඇතිදැයි කළ විමසීමකට ඇන්ත්‍රොපික් සමාගම පිළිතුරු දී නැහැ. ඇන්ත්‍රොපික් සමාගමේ ප්‍රතිපත්ති අනුව ක්ලෝඩ් යෙදවුම ප්‍රචණ්ඩකාරී කටයුතු සඳහා යොදවාගත නොහැකියි.

මෙහෙයුමේ කුමන අවශ්‍යතා සඳහා මෙම යෙදවුම යොදාගන්නා ලද්දේදැ යි හෙළිවී නැහැ. ක්ලෝඩ් යෙදවුමට සරල කටයුතුවල සිට ස්වයංක්‍රීය ඩ්‍රෝන හැසිරවීම වැනි කාර්යයන් දක්වා පුළුල් පරාසයක කටයුතු කළ හැකියි.