hit counter

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 17, පෙ.ව. 11:37



T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග B කාණ්ඩයෙන් සුපිරි 8 දෙනාගේ වටයට සුසුදුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සමත් විය.

ඔස්ට්‍රේලියාව ලැබු පරාජයත් සමඟ තරගාවලියේ ඔවුන්ගේ ඉදිරිගමන අවධානමකට ලක්විය.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 182ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තරගයේ 18වන පන්දුවාරයේදී පසුකරයාමට ශ්‍රී ලංකාවට හැකි විය.

පැතුම් නිස්සංක ශතකයක් වාර්තා කළා.

මහේල ජයවර්ධනගෙන් පසු ශ්‍රී ලංකා පිතිකරුවෙකු T 20 ලෝක කුසලානයේදී වාර්තා කළ පළමු ශතකය ද විය.

කුසල් මෙන්ඩිස් පන්දු 38කින් ලකුණු 51ක්ද පවන් රත්නායක පන්දු 15කින් නොදැවී ලකුණු 28ක්ද ලබා ගත්තේය.