2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
ඇයගේ නික්ම යාම සබරගමුව සරසවියම කඳුළින් නැහැවූ සිද්ධියක් බවට පත්වෙලා.. මේ කියන්න යන්නේ කවුරු ගැනද..?
මධාරා සාවින්දි, ඇය මීට දින කිහිපයකට ඉහතදී සියල්ලන් හඬවමින් මේ ලෝකයෙන් සමුගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ඇයගේ මේ හදිසි වියෝව බොහෝ දෙනෙක්ට දරාගන්න බැරි වෙලා..
ඒ එක්කම මධාරා ගැන මේ වෙනකොට බොහෝ දෙනා මතක එක්කරන්නේ හැඩූ කඳුළින්. ඒ අතරින් ඇයගේ මිතුරියක් එක්කළ මේ දීර්ඝ සටහන සියල්ලන්ගේ නෙත කඳුළින් පුවරන්න සමත්වූවක් වෙලා..
“මොකක් උනාද මට තවමත් හිතාගන්න බැ බන්.. අඩුම කරන්න ඕන මොනාද කියලවත් තෙරෙන්නෙ නැති situation එකක මන් හිරවෙලා..
බ්‍රහස්පතින්දා හවස.. එ තමයි උබේ කටහඩ අහපු උබෙන් මැසේජ් එකක් මට ආපු අන්තිම දවස.. එදා උබ කිව්වෙත් දැන් නම් එපා වෙලා ඉන්නෙ කියලා..
එ වෙලාවෙ උබ එක්ක joke එකට හිනා උනාට දැන් ඒවා මතක් වෙද්දි මට හීල්ලෙනවා බන්.. මන් දන්නවා උබ තුන් හිතකින්වත් අපිවා දාලා යන්න බලාගෙන ඒම කිව්වෙ නැ කියන්න..
මන් මේවා කරනවා අරවා කරනවා කියලා උබේ අහස උසට තිබ්බ බලාපොරොත්තු මට තවමත් එකින් එක උබේ කටින් ඇහෙනවා වගේ.. එහෙම හිතපු උබ දැන් ඒවා ඉශ්ඨ කරගන්න කලින් ම ගිහින්..
අඩුම උබේ උපාධියවත්.. කොහොමද බන් උබ නැතිව එදාට අපි හිනාවෙලා ඉන්නෙ..
කාට නැතත් මට නම් බැරි වෙයි.. මොකද මේ උපාධිය මට ගන්න පුළුවන් වෙන්න ලොකුම හේතුවක් උබ.. උබ නැත්නම් මට ඒක කරගන්න බැ.. එහෙම වෙද්දි කොහොමද මට හැමදේම කියලා දුන්නු උබ නැතිව මන් එදාට හිනාවෙන්නෙ..
1st year එකෙදි campus එකට ආපු මුල් ම දවස… 4n එකෙන්වත් වැඩිය connection තිබ්බ දෙන්නෙක් නෙවෙ.. උබ එනකම් උබ ඉන්නෙත් මගේ room එකෙ කියන්නවත් මන් දැනන් හිටියෙ නැ.. ඒත් මන් උඩ ඉදන් පහලට යද්දි උබ පොඩිම පොඩි ගවුමකුත් ඇදගෙන වැනි වැනි තඩිම තඩි traveling bag එකකුත් උස්සන් පඩි නගිනවා.. හිත දුන්නෙ නැ උබව තනි කරන්න.. දෙන්නත් එක්කම ඇද්දා bag එක උඩට.. අන්තිමෙ උබ ඉන්නෙත් මගෙ room එකෙමයි…
උබ ඒක මේ වෙනකම්ම මන් එක්ක කිය කිය මතක් කරා..එදා නම් කවදාවත් අමතක වෙන්නෙ නැ කියලා..
අපි ඔක්කොම එකම room එකෙ පාඩම් කරපු හැටි.. උබ තමා ඉතිම් අපෙ මීටරේ.. අපිටත් හැමදේම කියලා දුන්නෙ උබ..
2nd year එකෙදි උබ කොක්කක් set කරන් ටිකක් ඈත් උනත් උබ මන් එක්ක වෙනසක් නැතුවම හිටියා.. ඒත් මට හැමදේම කියලා දුන්නා.. “විකාර නැතුව පාඩම් කරපන් පියුමී…. ” උබේ කටේ තිබ්බෙම එක.. කෝල් දිදීත් අරක කරපන් මේක කරපන් කියලා අනන්ත කියලා දුන්නා..
එ කාලෙට කොහොමත් උබ නැතිව අපිටබැ මතකද ?.. කියන්නෙ මොකක්ද ඒක කොහොමත් exam එකට එනවා කියලා අපි දැනන් හිටියා.. එ දවස් වලට අපේ ඉෂ්ඨ දේවතාව උනේ උබ.. මදාරා උබට හිතෙන ඒවා කිය්පන් කිව්වාම උබත් ඔහේ කියනවා. ගානට ම ඒවා තුන හතරක් අනිවා එනවා.. දැන් ඒවා මතක් වෙද්දිත්…
3rd year එකෙදිත් උබේ යාළුකම එ විදියමයි..
උබේ Photo පිස්සුව ගැන කතා නොකලොත් වැඩක් නැ.. කොහෙ ගියත් උබPiyumindya Senarathne, Sadeesha Wijewardana , සෙව්වන්දි අපි ඔක්කොමලා ඇවිදින්න යනවා.. ගියාම ඉතිම් උබේ 4න් එකෙන් තමා photo වදින්නෙ.. එ වෙනුවට ඉතිම් අපි උබේ Photo හැටහුටාමාරක් ගහන්න ඕන.. මලම පනින්නෙ උබ එකෙන් publish කරන්නෙ photo 5ක් විතරක් උනාම..
මට තාමත් මතකයි උබ ඒවා දානවා කිව්වෙ තව අවුරුදු ගානක් ගියාම ඒවා memory වලට එද්දි බලන්න කියලා.. ඒත් ඒවා උඩට එද්දි ඒවා බලන්න ඉන්නෙ දැන් අපි විතරයි බන්.. ඒවා බලලා විදවන්න වෙන්නෙ අපිට..
ජීවිතේට එන යන යාළුවො අතරේ උබ, Dushi Ranaweera, සදීශාඋබලා තුන් දෙනා වෙනසක් නැතිව මන් ලගින් හිටියා.. මගේ academic 90%ක්ම ගොඩ දැම්මෙ උබ නිසාමයි..
මන් දන්නවා උබත් මාර විදියට කැප උනා.. උබට බැයිනම් කාටද මදාරා පුළුවන් ? උබ උබට ම කියාගත්තු වචන සෙට් එකහ්.. (ආය ටිකකින් මට වද දෙනවා මට බෑ ඕයි කියලා )
“කුක්කුවක් බීලා කරමු නෙහ්.. “කුක්කුව නැත්නම් උබේ දවසත් අවුල්.. කුක්කුවා නැතුව වෙච්ව දේවල්….
වෙන ආගම් දෙකක උනත් උබ මාත් එක්ක පන්සල් ආවා බුදුන් වැන්දා.. මාත් උබ එක්ක පල්ලි ගියා ජේසු වැන්දා.. ඒවා කවදාවත් අමතක නොවෙන මතක..
අන්තිම මාස ටිකෙ අපි මාර විදියට එකට හිටියා. පාඩම් කලා. අවිදින්න ගියා. සමහර තැන් අපි දෙන්න විතරක් හොයන් ගියා. DJවල නැටුවා. ඕපදූම නම් යමරෙට හෙව්වා.. මොකෙක් හරි කොල්ලෙක් හොයන් බැන්න.. එක faculty එහෙකට බැන්න තරම දන්නෙ අපි විතරයි.. අන්තිම දවස් ටිකනෙ කියලා campus එකෙ හැමතැන්ටම ගියා.. අනේ ඇත්ත්ටම ඒ අවසන් දවස් ටිකම උනු හැටි…
ආයෙත් උබ එක්ක එහෙම යන්න
උබෙන් කුප්පියක් දාගන්න
උබේ කච කචේ අහන්න
උබේ හිනාව බලන්න වෙන්නෙ නැ බන්.. මතක් වෙද්දිත් පපුවත් එක්ක රිදෙනවා.. එහෙම කොහොමද උනේ.. මේ මතක හිතට එද්දි දරාගන්නෙ කොහොමද..
උබේ චැට් එකෙන් ආය මැසේජ් නොඑද්දි on line නැති වෙද්දි.. Fb post එකක්වත් wall එකෙ නැති වෙද්දි ඉවසන්නෙ කෝමද?
ඒත් උබ මේ මොකුත්ම දන්නෙ නැ..
කියන්න ගියොත් තව කොච්චර මතක් තියේද.. ඒවා හැමදාමත් ඒ විදියටම මගෙ හිතේ තියෙවි…
උබේ ජේසු නිසා ආය අපි අතරට එන්න කියන්න බැ.. ඒත් කොහේහරි කමක් නැ සාමදානෙන් සැතපෙන්න හුස්ම ගන්න රත්තරනේ.. ආදරෙයි උබට හැමදාමත්..
හම්බෙමු….”
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 23, පෙ.ව. 12:07
2026 පෙබරවාරි 22, ප.ව. 1:04
2026 පෙබරවාරි 22, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:05
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
23-02-26
23-02-26
23-02-26
23-02-26
22-02-26
22-02-26