2026 මාර්තු 13, ප.ව. 11:08
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජයසිංහ මහතා වැඩි ඡන්ද 23කින් තේරී පත්විය.
ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවති නිලවරණයේදී බිමල් ප්‍රසන්න මහතා ඡන්ද 61ක් ලබාගත් අතර, හිටපු ප්‍රවීණ මලල ක්‍රීඩක හා හිටපු මලල ක්‍රීඩා සභාපතිවරයකු වූ සුනිල් ගුණවර්ධන මහතා ඡන්ද 38ක් ලබා ගත්තේය.
බිමල් විජයසිංහ පාර්ශ්වයෙන් ලේකම් තනතුරට ඉදිරිපත් වූ හිටපු මලල ක්‍රීඩා පුහුණුකරු මාධව බණ්ඩාර සෙනරත් මහතා ඡන්ද 64ක් ලබා ගත් අතර, වෛද්‍ය ධම්මික සේනානායක මහතා ඡන්ද 35කට සීමා විය.
භාණ්ඩාගාරික තනතුරට රසිකා නිලංගනී මහත්මිය පත් විය.
2026 මාර්තු 13, ප.ව. 11:19
2026 මාර්තු 11, ප.ව. 11:52
2026 මාර්තු 10, ප.ව. 12:53
2026 මාර්තු 09, පෙ.ව. 1:22
2026 මාර්තු 08, ප.ව. 5:32