2026 මාර්තු 16, පෙ.ව. 12:20
QR ක්‍රමයට පොහොර නිකුත් කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා සදහන් කර තිබේ.
අමාත්‍යවරයා සදහන් කළේ පොහොර ලබාදීමේදී QR ක්‍රමයකට යාම අත්‍යවශ්‍ය දෙයක් වන බවයි.
පොහොර නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් ගෙනෙන ලෙස යෝජනාවක් මේ වන විට පැමිණ තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පොහොර සම්බන්ධයෙන් දැනට ප්‍රශ්නයක් නොමැති බවත් රටේ ප්‍රමාණවත් පොහොර ප්‍රමාණයක් තිබෙන බවත් සදහන් කර තිබේ.
නමුත් එතුමා සදහන් කළේ කළු කඩ සහ සමහර පෞද්ගලික ආයතන කලින් ගෙන්වූ පොහොර වල මිල වැඩි කර තිබෙන බව කී අමාත්‍යවරයා මේ වන විට පොහොර මිටිය රුපියල් 12000-13000ක මිලකට අලෙවි වන බවයි.
අසාධාරණ අයුරින් මිල වැඩි කරන්නට එපා යැයි අදාල සමාගම් වලට දැනුම් දී තිබෙන්නේ යැයිද පාරිභෝගික සේවා අධිකාරියද මෙම ප්‍රශ්නයට මැදිහත් විය යුතු බවත් අමාත්‍යවරයා සදහන් කර තිබේ.
ඒ වගේම අමාත්‍යවයා ප්‍රකාශ කළේ කෙසේ වුවද පොහොර හිඟයක් ඇති නොවන පරිදි ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බවත් මේ කන්නයේදී ලොකු පොහොර ප්‍රශ්නයක් ඇතිවන්නේ නැති බවයි.
තවද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ ලබන මැයි මාසයේදී චීනයෙන් පොහොර තොගයක් ගන්නට හැකියාව තිබෙන බවයි .
2026 මාර්තු 16, පෙ.ව. 12:31
2026 මාර්තු 16, පෙ.ව. 12:29
2026 මාර්තු 16, පෙ.ව. 12:18
2026 මාර්තු 16, පෙ.ව. 12:15
2026 මාර්තු 16, පෙ.ව. 12:12
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26