2026 මාර්තු 18, පෙ.ව. 12:09
සිංහල අවුරුදු සමයෙන් පසු මෙරට ඉන්ධන සැපයුම අභියෝගාත්මක විය හැකි බවට පළවන මතවාද ප්‍රතික්ෂේප කරමින්, ජාත්‍යන්තර මට්ටමින් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් හරහා අඛණ්ඩව ඉන්ධන තොග ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා.
රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අප්‍රේල් මාසයෙන් පසු ඉන්ධන නැව් පැමිණීමේ නිල තහවුරු කිරීම් මෙතෙක් වාර්තා නොවුණද, එම සැපයුම් දාමය බිඳ වැටීමට ඉඩ නොතබන බවයි.
එමෙන්ම ලෝකය පුරා පවතින තෙල් ටැංකි හිඟය සහ බෙදාහැරීමේ ගැටලුවලට පිළියම් ලෙස රුසියාව, චීනය සහ ඉන්දියාව වැනි රටවල් සමඟ සෘජු රජ්යතාන්ත්රික (G2G) සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා එහිදී පැවසුවා.
පවතින තත්ත්වය හමුවේ රජයේ මූලික අවධානය යොමුව ඇත්තේ බොරතෙල් සහ ඩීසල් තොග වශයෙන් ලබාගැනීම සඳහා අවශ්‍ය එකඟතාවන් ඇති කරගැනීමට බව පැවසූ අනිල් ජයන්ත මහතා පෙන්වාදෙන්නේ, ඇතැම් රටවල් ස්වකීය සුරක්ෂිතභාවය වෙනුවෙන් අපනයන සීමා කර තිබුණද, ශ්‍රී ලංකාව ඉතා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් එම රටවල් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
යම් හෙයකින් සෘජු මිලදී ගැනීම්වලට අවතීර්ණ වීමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව සමඟ මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
2026 මාර්තු 18, පෙ.ව. 12:33
2026 මාර්තු 18, පෙ.ව. 12:29
2026 මාර්තු 18, පෙ.ව. 12:25
2026 මාර්තු 18, පෙ.ව. 12:24
2026 මාර්තු 18, පෙ.ව. 12:16
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26