2026 මාර්තු 18, පෙ.ව. 12:16
ඉන්ධන සඳහා QR කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මේ දක්වාම විසඳී නොමැති ප්‍රශ්න සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඒ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඒ සම්බන්ධයෙන් තබා ඇති සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.
ඊයෙ පෙරේද QR තාක්ෂණය ගැන Digital ගැන නොදන්න හා දන්න ගෝඩාක් දෙනෙක් අදහස් පල කරල තිබ්බා. ඒ වගේම ඒ සාදනීය මැදිහත්වීමට ස්තුතියි
ඒ වගේම මුලින්ම මතක් කරන්න ඕනේ ලංකාව පළවෙනි වතාවට සංවිදිත විදිහට ඩිජිටල්කරණට ලක්වන අවදියක ඒ පිළිබඳ මනා දැණුමක් සහිත නියොජ්‍ය ඇමති කෙනෙක් ඉන්න ඒ පිළිබඳ රටේ අති දක්ෂයන් රජය එක්ක එක්ව කටයුතු කරන පරිවර්තනීය යුගයක තමයි අපි ඉන්නේ
මේ පිළිබඳ මගෙන් බොහෝ දෙනා ඊයෙ දවස ඇතුලත විමසූ නිසා ඒ සියලුම දෙනාට පොදුවේ පිලිතුරක් දීමේ අවශ්‍යතාවක් තිබෙනවා
ඒ සියල්ලටම කලින් මේ දැවැන්ත වගකීම දැරූ MIT, Dialog හා ඩිජිටල් අමාත්‍යාංශයේ තාක්ෂනික නිලධාරීන්ට අප රටක් ලෙස ස්තුතිය පුද කල යුතුයි
මේ පිළිබඳ සාකච්ඡාව FAQs මට ආපු විදිහට
ඔව්. තිබ්බ system එක ඒ විදිහටම දාන්න බෑ. මේ Senario දෙකක්. එදා System එකට සියලුම දෙනා Onboard වෙන වෙලාවක් ඒකට දින සීමාවක් තිබුනේ නෑ වගේම ආර්ථිකය හැකිලිලා තිබු අවස්ථාවක්. අද දින 3ක් ඇතුලත සිදුවිය යුතු දෙයක් හා ආර්ථිකය වේගයෙන් ඉදිරියට යන මොහොතක්.
තිබ්බ, මේ පිළිබඳ ඉතා හොද අවබෝදයක් තාක්ෂණික කණ්ඩායමට තිබුනා, නමුත් මේකට එකම විසදුම 2023 පස්සේ හුවමාරුවූ වාහන හා දුරකථන අංක වෙනස් වුන අය system එකෙන් අයින් කරන එක. ඒ දේ කරන්න උත්සහ කලානම් QR ක්‍රමය එන බව ජනතාව කලින්ම දැන ගන්නවා වගේම අපේ සීමිත තෙල් ඔක්කොම ගෙවල් වල ගබාඩා වෙනවා
මේක Software Issue එකක් නෙමේ මේ Background Master Data issue එකක්. ලංකාවෙ වාහන පිළිබඳ තොරතුරු පාලාත් වශයෙන් පද්දති කීපයක තියෙන්නෙ ඒ වගේම දුරකථන වෙනස් වීම් පිළිබඳ පූර්ව දත්ත පද්දතියක් නෑ. අනාගතයේ Data Exchange එක හැදුනම මේ ගැටළු නෑ
දත්ත ලෝකේ හා Digital ලෝකෙ වරක එකතු කල තොරතුරු නැවත එකතු කිරීම කියන්න මූලධාර්මික අනවශ්‍ය ක්‍රියාවලියක්. උදාහරණයක් ලෙස එහෙම කලානම් අපිට මිලියන 8ක් onboard කරන්න සති දෙකක් විතර යනවා, End users ඔකොක්ම system එක access කරනවා, එක්කෙනෙක් Data point 10ක් විතර ආයෙ Enter කරන්වා. ඒ නිසා 90% දෙනාට වද නොදි ඉතාම සාර්ථකව System එක UP කලා. Hats off to the team
මෙක Traffic එක එක්ක වෙන දෙයක් bandwidth issue එකක් නමුත් අවශ්‍ය ප්‍රමාණයට Resource කරල තියෙනවා traffic එක smooth උනාම Capacity එක හොදටම ඇති. අපහසුතාවයට පත් වුනා තමයි නමුත් ඒ එක දිනයක්
අලුත් වාහන Registrations කරනකොට ගැටළු කීපයක් ආවා.. Hybrid එව මොන ජාතියෙද කාර්ද SUVs ද ඒක හදාගන්න පුලුවන්
ඉතින් මට ඉයේ ආපු කෝල් හා Whatsapp සියල්ලටම පොදු පිලිතුර මේ.
මගේ Scope එකේ නොවුනත්, දින දෙකක් තුල දුවන වාහනයක රොදයක් ගලවල හයි කරපු Dr Hans, එරංග,සුමුදු ඇතුලු නායකත්වයට හා දින කීපයක් අඛණ්ඩව වැඩ කල තාක්ෂණ නිලධාරීන්ට ගෞරවයක් ලෙස මේ සටන තියනවා
සත්‍යයේ සටහන බුදිධියේ විමසුමට දෙනව මිස අපට කල හැකි ලොකු දෙයක් නෑ
හෝදල තියෙන්නෙ රටම ආයෙ දුවනවා.. අපහසුතාවයට පත් වුන සීමිත පිරිසට රට වෙනුවෙන් කල කැපකිරීමට ස්තුතියි
චතුරංග අබේසිංහ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
2026 මාර්තු 18, පෙ.ව. 12:33
2026 මාර්තු 18, පෙ.ව. 12:29
2026 මාර්තු 18, පෙ.ව. 12:25
2026 මාර්තු 18, පෙ.ව. 12:24
2026 මාර්තු 18, පෙ.ව. 12:11
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26