hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 මාර්තු 18, පෙ.ව. 12:11



අතීතයේදී QR ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ මෙරට ආර්ථිකය බිඳවැටී විදේශ විනිමය හිඟවීම හේතුවෙන් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පෙර පැවති ඉන්ධන පෝලිම් යුගය සහ වත්මන් තත්ත්වය අතර පවතින වෙනස පැහැදිලි කරමින් ප්‍රකාශ කරයි.

වර්තමානයේ පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බැවින්, මුදල් තිබුණද අවශ්‍ය ප්‍රමාණයට තෙල් සපයා ගැනීම අසීරු වී ඇති බව ඔහු පෙන්වා දෙයි. 

මේ අනුව, එදා පැවති දේශීය මූල්‍ය අර්බුදය සහ අද පවතින ජාත්‍යන්තර සැපයුම් ගැටලුව එකිනෙකට හාත්පසින්ම වෙනස් තත්ත්වයන් දෙකක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

”දැන් මේ ඇතිවෙලා තියෙන ඉන්ධන ප්‍රශ්නය අපි හදපු එකක් නෙමේ. නමුත් අපි ඒක කළමණාකරනය කරගන්න ඕන. දැනටමත් ලෝකෙ සමහර රටවල පාසල් වහල, විශ්ව විද්‍යාල වහල, රජයේ ආයතනවල වැඩ කටයුතු කරන්නේ ගෙවල්වල ඉඳලා. වැඩකරන දින ගණන අඩුකරල. ඉන්ධන ලබාදෙන ප්‍රමාණය සීමා කරලා. 

ලෝකෙ දැවැන්ත රටක් වු ඕස්ට්‍රේලියාවත් අද ඉන්ධන සැපයුම කළමනකරණය කරනවා. අපේ කලාපයේ ඉන්දියාව, පාකිස්තානය සහ බංගලාදේශය ඒ ස්ථාවරවලට එමින් ඉන්නවා. නමුත් අපි තවම එහෙම තීරණවලට ඇවිත් නැහැ. අපි කරල තියෙන්නේ ඉන්ධන කළමනාකරණයක් පමණයි.

මීට කළින් අපේ රටේ පෝලිම් හැදුනා. එතකොට QR සිස්ටම් එකක් හඳුන්වා දුන්නා. ඒ වෙලාවෙ ඒක වුණේ අපේ රටේ විතරයි. වෙන රටවල තිබුණෙ නැහැ. නමුත් දැන් ලෝකෙ අනිත් රටවල් වලත් ඉන්ධන කළමනාකරණය සිදුවෙනව. ඒ ඇයි ? මේක ජ්‍යාත්‍යාන්තර ප්‍රශ්නයක්. ලෝකෙ යුද්ධයක් නිර්මාණය වෙලා බරපතල තත්වයක් ඇතිවෙලා තියෙනවා. අපි ඒකට මුහුණ දෙන්න ඕන”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: