2026 මාර්තු 18, ප.ව. 3:41
මේ වන විට අපේ රටට රටට අනාගතේ මූණ දෙන්න වන ඇත්ත අර්බුද නොකියා ජනාධිපති සුන්දර කතා ගොතා කීමෙන් කිසිම යහපතක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කර තිබේ.
ඒ අද පැවති කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
“ගෝඨාභය ඉල්ලා අස්වෙලා ගියා.මෙයාට හොයා ගන්නවත් බැරි විදියට පැනලා යන්න වෙනවා.ඒක අපි කිව්වා කියලා හොඳට මතක තියාගන්න. අන්තිමට ඉතුරු වුනේ කජු කන සීයා රටට ඉතිරි කර ගිය ඩොලර් බිලියන හය විතරයි. ජනාධිපති රටට අත්වෙලා තිබෙන ඉරණම පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වුවා.එතුමා විසින් බලය ගන්නට පෙර කියූ කතා මෙන්ම බලය ගත් පසු කියූ කතා බලන විට දෛවයේ සරදම හොඳටම පේන්න තියෙනවා. ආර්ථිකයේ කඩා වැටීමක් වෙනවා නම් ඊට එතුමා වගකිවයුතු නැති බවත් වගකිව යුත්තේ ලෝක යුද්ධය බවත් ජනාධිපති දිගින් දිගටම කියනවා. ලංකාවේ ඒ කාලේ වහල්ලු කියල සෙට් එකක් හිටියා.දැන් ඉන්නේ අමු ගොං මී පට්ටියක්.ඕනම දෙයක් විශ්වාස කරන තීක්ෂණ බුද්ධියක් නැති පිරිසක් ඉන්න රටක් කවදාවත් දියුණු වෙන්නේ නෑ.
මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන්න ආණ්ඩුවට හැකියාවක් නැති බව අප මුල සිටම පැවසුවා.මේ ආණ්ඩුව හොරකම් කරලා නැතිලු.හොරකම් කරලා නැත්තේ වැඩ කරලා නැති නිසා.මොවුන් යම්කිසි දෙයක් කරන්න පටන් ගත්තොත් ඒ කරපු පළවෙනිම දේ නාලා තියෙනවා. ආණ්ඩු කොහොමත් අභියෝග වලට මුහුණ දෙන්න ඕන තමයි. ආණ්ඩුවට ඉස්සෙල්ලම ආපු අභියෝගය දිට්වා කුණාටුවයි. තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කියලා ආරම්භ කරපු ඒ කතන්දරේ අද මොන තරම් විහිලුවක් බවට පත්වෙලා තියෙනවද? මුලින්ම නැව් පෝලිමට තියනවා කිව්වා. දැන් අහවල් දවසේ නැවක් එනවා වගේ කතා කියනවා.ගෑස් ගෙන්වා ගැනීමේදි නාගන්නවා. කිව්.ආර් කෝඩ් එකේදී නාගන්නවා.තෙල් ඇතිවෙන්න තියෙනවා නම් කිව්.ආර් කෝඩ් එකට දෙනවා නම් පෝලිම් තියෙන්නේ කොහොමද?
2026 මාර්තු 18, ප.ව. 4:38
2026 මාර්තු 18, ප.ව. 4:35
2026 මාර්තු 18, ප.ව. 4:31
2026 මාර්තු 18, ප.ව. 4:27
2026 මාර්තු 18, ප.ව. 3:21
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26