hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 20, පෙ.ව. 12:10



මේ කාටුන් චරිතය ගැන නොදන්නේ කවුද ඉතින්..

කාගේත් ආකර්ශනය දිනාගත්ත ඒ කාටුන් චරිතය ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්. 

ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් ලබා ඇති ‘ලබුබු’ (Labubu) රූප සහිතව නවතම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව චීනයේ පොප් මාර්ට් (Pop Mart)සමාගම සහ සෝනි පික්චර්ස් (Sony Pictures) නිවේදනය කර තිබෙනවා.

තවමත් මූලික සංවර්ධන අදියරේ පවතින මෙම චිත්‍රපටය, සැබෑ රංගනයන් (Live action) සහ පරිගණක සජීවිකරණය (CGI) යන දෙකෙහිම එකතුවක් ලෙස නිර්මාණය වනු ඇති.

පැඩින්ටන් ( Paddington) සහ වොන්කා,(Wonka) වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ පෝල් කින්ග් (Paul King) විසින් මෙහි අධ්‍යක්ෂණය සිදු කිරීමට නියමිතව තිබෙනවා .

කෙසේ වෙතත් චිත්‍රපටය තිරගත වන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: