2026 මාර්තු 25, පෙ.ව. 12:14
මොරටුව, රාවතාවත්ත “සුසන් අරම” සුසාන භූමියෙන් වාර්තා වෙන්නේ මියගිය අයටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති පිරිසක් කළ අමුතුම වැඩක් ගැනයි.
රත්තරන් බඩු වලට කෑදරකමේ මිනී වළවල් හාරන මේ කල්ලියක් අතින් අසු වුණේ හිතාගන්න බැරි විදියටයි.
මොරටුව, අර්නස් පෙදෙසේ පදිංචිව සිටි 73 හැවිරිදි මවක් මියගොස් මිහිදන් කරලා තිබුණේ මීට දින කිහිපයකට කලින්. ඇගේ හත් දවසේ දානය වෙනුවෙන් ඉටිපන්දම් දැල්වීමට දියණිය ඇතුළු පිරිස සුසාන භූමියට යද්දී ඔවුන් දුටු දර්ශනයෙන් අන්දමන්ද වුණා. ඒ වෙලාවේ පුද්ගලයන් තිදෙනෙකු ඉතාම හදිසියෙන් තමන්ගේ මවගේ මිනී වළ හාරමින් සිටිනවා ඔවුන් දැක තිබෙනවා.
දියණිය ඇතුළු පිරිස කෑගසාගෙන වළ ළඟට දිව යද්දී, වළ හාරමින් සිටි තිදෙනා “මචං කෙළවුණා” කියමින් සුසාන භූමියේ තාප්පයෙන් පැන දිව ගොස් තිබෙනවා. පසුව මොරටුව පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වුණේ මේ වැඩේට සම්බන්ධ එක් අයෙක් එම සුසාන භූමියේම මුරකරු බවයි! ඔහු සමඟ නගර සභාවේ වළවල් හාරන සේවකයන් දෙදෙනෙකුත් මේ වැඩේට හවුල් වෙලා තියෙනවා.
මේ පිරිස මිනී වළ හාරලා තියෙන්නේ මළ සිරුරේ තිබුණු මුදු දෙකක්, රන්මාලයක්, කරාබු සහ වළලු ලබාගන්නයි. ඔවුන් හිතාගෙන ඉඳලා තියෙන්නේ ඒවා රත්තරන් බඩු කියලා. හැබැයි මියගිය කාන්තාවගේ දියණිය පොලිසියට පවසලා තියෙන්නේ ඒවා රත්තරන් නෙවෙයි, “ඉමිටේෂන්” ආභරණ බවයි! රත්තරන් කියලා හිතලා මේ පිරිස කරලා තියෙන්නේ ලොකු විනාශයක්.
පොලිසිය සැක කරන්නේ මේ පිරිස ආභරණ ගන්න විතරක් නෙවෙයි, රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මිනී පෙට්ටිය නැවත විකිණීම සඳහා ලබාගන්න උත්සාහ කළාද කියන එකයි. මත්පැන් බෝතලයක් පවා පානය කරලා මේ නින්දිත වැඩේ කළ මුරකරු දැන් පොලිස් අඩංගුවේ. අනෙක් දෙදෙනා සොයා පරීක්ෂණ ක්රියාත්මකයි.
2026 මාර්තු 26, පෙ.ව. 12:21
2026 මාර්තු 26, පෙ.ව. 12:17
2026 මාර්තු 26, පෙ.ව. 12:12
2026 මාර්තු 24, පෙ.ව. 12:16
2026 මාර්තු 23, පෙ.ව. 12:18
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26