hit counter

2026 මාර්තු මස 25 වන බදාදා

2026 මාර්තු 26, පෙ.ව. 12:12



ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ කියන්නේ කවදත් සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන චරිතයක්.

ඔහු ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.

චන්දිමාල් ජයසිංහ සිය ශරීරයේ බර කිලෝග්‍රෑම් 130 සිට 80 දක්වා අඩු කරගනිමින් සුවිශේෂී සෞඛ්‍යමය පරිවර්තනයක් මේ වනවිට සිදු කර තිබෙනවා.

විශේෂිත ශල්‍යකර්මයකින් අනතුරුව ආරම්භ කළ මෙම අභියෝගාත්මක ගමනේදී, ඔහු මුහුණ දුන් දුෂ්කරතා සහ බාධක ජයගත්තේ දැඩි මනෝ බලයකින් සහ නොපසුබට උත්සාහයකිනි.

හුදෙක් ශරීරයේ හැඩය පවත්වා ගැනීම පමණක් නොව, දිගුකාලීන සෞඛ්‍යය සහ නිරෝගී භාවය තහවුරු කරගැනීම අරමුණු කරගත් ඔහුගේ මෙම ගමන, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව සහ කැපවීම පිළිබඳව සමාජයට මනා ආදර්ශයක් සපයයි.

ඔහුගේ මෙම සාර්ථකත්වය, තම සෞඛ්‍යය සහ ජීවන තත්ත්වය නංවාලීමට අපේක්ෂා කරන බොහෝ දෙනෙකුට විශාල ආදර්ශයක් මෙන්ම පෙළඹවීමක්ද ලබා දෙයි.

එහෙත්, මෙවැනි ශල්‍යකර්මයක් සඳහා යොමු වීම හුදෙක් මූල්‍යමය හැකියාව මත පමණක් තීරණය නොවන බව විශේෂයෙන් අවධාරණය කළ යුතුය.

ඒ සඳහා අදාළ පුද්ගලයා වෛද්‍ය විද්‍යාත්මකව දැඩි තරබාරු භාවයෙන් (Obesity) පෙළෙන අයෙකු විය යුතු අතර, දේහ ස්කන්ධ දර්ශකය (BMI) 35 ට හෝ 40 ට වඩා වැඩි අගයක පැවතීම අනිවාර්ය වේ.

නිසි වෛද්‍ය උපදෙස්, දැඩි කැපවීම සහ උත්සාහය තුළින් නිරෝගී දිවියක් සඳහා ඕනෑම අයෙකුට සාර්ථක පියවරක් තැබිය හැකි බව මෙම සුව්ශේෂී පරිවර්තනයෙන් මනාව තහවුරු වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: