hit counter

2026 ජූලි මස 09 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 28, ප.ව. 11:42



ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය හා සමග 49 වන එක්දින ක්‍රිකට් තරගය කොළඹ රාජකීය විද්‍යාලය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 16කින් ජය ගත්තේය.

කොළඹ SSC පිටියේදී පැවැතුණු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 313ක් ලබා ගත්තේය.

ජේඩන් අමරවීර නොදැවී ලකුණු 184යි.

රාජකීය කණ්ඩායම පන්දුවාර 46කදී කඩුලු 6ක් දැවී ලකුණු 291ක් ලබා අතර ආලෝක තත්ත්වය අඩුවීම හේතුවෙන් නතර කළ අතර ඔවුන්ට ඒවන විට ලබා ගත යුතුව තිබුණේ ලකුණු 275ක් පමණි.

විමත් දින්සර නොදැවී ලකුණු 109ක් ලබා ගත්තේය.