2026 අප්‍රේල් 01, පෙ.ව. 12:18
පසුගිය වසර සැප්තැම්බර් මස 03 දින පැවති අමාක්‍ය මණ්ඩල රැස්වීමේ දී 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබ ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමාව තුළ පවත්වා ගනිමින් හා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී පැවති ක්‍රම වේදය විධිමත් කරමින් පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛ, උපදෙස් නිකුත් කිරීම පිණිස අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, එම වසරේම සැප්තැම්බර් මස 09 දිනැතිව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 27/2025 නිකුත් කරනු ලැබේ.
එම චක්‍ර ලේඛය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටලු මතු වී ඇති බැවින්, එකී ගැටලුවලට විසඳුම් ලැබෙන පරිදි සහ පෙර චක්‍රලේඛය මඟින් හඳුන්වා දෙනු ලැබ ඇති සංශෝධනයන්ට බලපෑමක් ඇති නොවන අයුරින් නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇත.
ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක වන පරිදි, පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් වේ.
2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:17
2026 ජූනි 10, පෙ.ව. 12:13
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26