2026 අප්‍රේල් 02, පෙ.ව. 12:04
එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස් කර ඇති බව වාර්තා වේ.
දිවයිනේ පොලිස් ස්ථාන 608ම ආවරණය වන පරිදි මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කරයි.
ඒ වගේම පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා තව දුරටත් රථවාහන පරීක්ෂා කිරීම් ඇතුළු මාර්ග ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් යොදවා ඇති බවයි.
මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්
“මෙම උත්සව සමය ආවරණය කරන්නට පොලිස් ස්ථාන 608කින් ඒ වගේම ප්‍රදේශීය කොට්ඨාස 48න්ම ආරක්ෂාව සඳහා විශේෂිත වූ ආරක්ෂිත වැඩ පිළිවෙලක්, රථ වාහන හැසිරවීම්, ඒ වගේම බුද්ධි නිලධාරීන් , ඒ වගේම සිවිල් නිලධාරීන් යොදවලා සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව තහවුරු කරන්නට අපි මේ වෑයම අරගෙන තියෙන්නේ. උත්සව සමයේ ඔබේ නිවස ඔබ තනිකර යනවිට පළමුව ඔබගේ නිවස සුරක්ෂිත කර දොරගුළු නිසි පරිදි වසා නිවසේ රන් ආභරණ මුදල් වැදගත් වටිනා ලියකිවිලි පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතුයි. ඔබ නිවසින් බැහැරව යන්න කලින් යාබද නිවසේ හිතයිශීන් දැනුවත් කරන්න.
ඒ වගේම මේ වන විට සමස්ථ රටේ සෑම පුරවැසියෙක්ම මහජන ආරක්ෂක කමිටුවේ තමන්ගේ කැදවුම්කරු දන්නවා. නැත්තන් ඔබගේ පොලිස් වසමේ පොලිස්පතිතුමා දන්නවා. ඒ කැදවුම්කරුවන්ට ඔබ නිවසින් දින කිහිපයක් බැහැර වන බව දන්වන්න කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම ඇතැම් නිවාසවල අපි දන්නවා CCTV අනතුරු සංඥා නිවැරදි ලෙස යථාවත් කරන්න.
ඒ වගේම ඔබගේ සංචාරය සම්බන්ධයෙන් වෙනත් භාහිර පාර්ෂවයන් දැනගත යුතු නොවේ. විශේෂයෙන් සෙල්ෆි භාවිතය හරහා ඔබ ඉන්නා ස්ථානය සියලු දෙයක්ම සමාජ ගත කිරිමෙන් ඇතිවන වාසි හා අවාසි පිළිබඳ අපි මීට පෙරත් මහජනතාව දැනුවත් කරා” “ඔබ සාප්පු සවාරි යන්නට සූදානම් වෙලා ඉන්නේ ඔබ විටකදී හොර නෝට්ටු ව්‍යාජ නෝට්ටුවල විටකදී ඔබ වින්දිතයෙක් වෙන්නට පුළුවන්. විටකදී ආරාක්ෂිත ගමන් මාර්ග රන් අභරණ සමගින් මිල මුදල් සමගින් අනාරක්ෂිත වෙලා තියෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී ඔබගේ වාහනය, යතුරුපැදිය, ඔබගේ ත්‍රීවීල් රථය ගාල් කිරීම පිළිබඳව නැතිනම් ආරක්ෂක නිලධාරියෙකුට භාර දීම පිළිබඳව නැතිනම් වගකීම් සහිත යම් කෙනෙකු භාරයේ තබායාම යන කරුණු කාරණා පිළිබඳව නැවත නැවතත් මහජනතාව දැනුවත් කරනවා.
විශේෂයෙන් ඔබ දන්නවා රිය අනතුරු වෙන්නට මූලික හේතුව තමයි අධික වේගය. එහෙම නැත්තන් බීමත්කම ඇතැම් අවස්ථාවන්වලදී විඩාව. ඒ වගේම අන්තරාදායක ලෙස වාහන පැදවීම ඒ නිසා මෙම සියලූම රථ වාහන වැරදි උදෙසා නීතය ක්‍රියාත්මක කිරීම සඳහා 10000ක නිලධාරීන් ප්‍රමාණයක් සමස්ථ රටේ උත්සව සමයේ යොදලා තියෙනවා”
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:32
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:11
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
31-03-26
31-03-26