hit counter

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් 10, පෙ.ව. 12:12



ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නෙ රංගන ශිල්පියෙක් විතරක් ම නෙවෙයි.

නිවේදනය සහ හඬකැවීම් කලාව තුළත් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන නම හරි ජනප්‍රියයි.

හඬකැවීම් කලාවේ ඔහු එහෙම ජනප්‍රිය වුණු සහ වඩාත් කතාබහට ලක්වුණු එක් චරිතයක් තමයි ‘ගුජුම්පියෝ’ කියන්නෙ.

ගුජුම්පියෝගේ චරිතයට හඬ කැවීමත් එක්ක, ඉසුරු හඬකැවීම් ක්ෂේත්‍රය තුළ ඉහළ ජනප්‍රියත්වයක් ලබනවා.

ඒ ගැන පහුගිය දවසක ඔහු මෙයාකාරයෙන් මතකය අවදි කර තිබුණා.

”හඬකැවීම කියන්නේ රංගන ශිල්පියෙක්ට හරිම වටිනා විෂයක්.

වෙනත් කෙනෙක්ගේ හැඟීම් මගේ භාෂාවෙන් ප්‍රකාශ කරන එක අපහසු කාර්යයක්.

‘ගුජුම්පියෝ’ කියන්නේ ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳගත්ත චරිතයක්.

මේ දිනවල කාර්යබහුලත්වය නිසා හඬකැවීම්වලට ලැබෙන අවස්ථාවන් අඩුයි.

ඒත් ලැබෙන හැම වෙලාවෙකම මම හඬකැවීම් සහ ගුවන්විදුලි නාට්‍යවලට සම්බන්ධ වෙනවා.

ඒක හඬ වර්ධනය කරගන්න ලැබෙන ලොකු අවස්ථාවක්.”

(Trendthink E – Magazine සමඟ කළ කතාබහක් ඇසුරින්)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: