hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:12



පසුගියදා යුග දිවියට පිවිසුන ලාංකේය කලා ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය තාරකාවක් වන දුශේනි මියුරංගි , සිය ජීවිතයේ නව පරිච්ඡේදය පිළිබඳව සහ තම ආදරණීය සහකරු වන ජනප්‍රිය රංගන ශිල්පී චතුරංග කොඩිතුවක්කු පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී රංගන ද සිල්වා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී සංවේදී මෙන්ම හරවත් අදහස් රැසක් බෙදාගෙන තිබුනා..

බොහෝ දෙනෙකුට මෙය හදිසි තීරණයක් සේ පෙනුණද, ඇයට අනුව මෙය කිසිසේත්ම හදිසියේ ගත් තීරණයක් නොවේ. ජීවිතයේ තමන්ට වඩාත්ම ගැළපෙන සහ නිවැරදිම පුද්ගලයා මුණගැසුණු විට එය හදවතට තදින්ම දැනෙන බවත්, වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය යම්කිසි ස්ථාවර මට්ටමකට පැමිණි පසු අනාගතය නිවැරදි සහකරුවෙකු සමඟ බෙදාගැනීමට ලැබීම විශාල වාසනාවක් බවත්, තමන්ට ඉතාමත් සාමකාමී ජීවිතයක් ගත කළ හැකි බවට හැඟීමක් පැමිණ ඇති බැවින් විවාහයට මෙය සුදුසුම කාලය බවත් ඇය පවසයි.

කලා ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රියත්වයට පත් චතුරංග සමඟ ඇතිවූ ආදර කතාවේ ආරම්භය සිදුවන්නේ ‘ජහුටා’ ටෙලි නාට්‍යය හරහාය. දෙදෙනා මුණගැසී විශාල කාලයක් ගතවී නොමැති නමුත් ඒ කෙටි කාලය තුළ එකිනෙකා ඉතා හොඳින් තේරුම් ගෙන ඇත. “මට මුලින් එයාව තේරුනේ නැහැ. පස්සෙ තමා හරියට තේරුම් ගත්තේ. එයාගේ සාමකාමී ගතියට මං කැමතියි” යැයි ඇය පවසයි. චතුරංග යනු කිසිදු කලබලයක් නොමැති, ඉතාමත් නිස්කලංක සහ සාමකාමී පුද්ගලයෙක් බවත්, ජීවිත කාලයක් ගත කිරීමේදී මනස සහ ස්නායු පද්ධතිය පවා සන්සුන්ව තබාගත හැකි මෙවැනි සහකරුවෙකු ලැබීම ලොකුම අස්වැසිල්ලක් බවත් ඇය සඳහන් කරයි.

දියණියකගේ ජීවිතයේ පළමු වීරයා වන්නේ ඇගේ පියාය. දුශේනිගේ ජීවිතයේද පියා සමඟ ඇත්තේ කිසිදා බිඳිය නොහැකි බැඳීමකි. “මගේ ජීවිතයේ ලොකුම බැඳීම මට තිබුණේ සහ තියෙන්නේ මගේ තාත්තා එක්ක. අදටත් සමහර වෙලාවට මම චතුරංගට කෝල් කරන්න කලින් තාත්තාට කෝල් කරලා ‘මම ගෙදර ආවා’ කියලා කියනවා. ඒක දුවෙකුයි තාත්තා කෙනෙකුයි අතර තියෙන සදාකාලික සම්බන්ධතාවයක්” යැයි ඇය පවසයි. කාන්තාවක් කොතරම් ස්වාධීන වුවද තම සහකරුගෙන් පිරිමියෙකුගේ රැකවරණය අවශ්‍ය වන තැන් ඇති බවත්, තම පියාගෙන් ලැබුණු උත්තරීතර රැකවරණයට සමාන රැකවරණයක් අද චතුරංගගෙන් ලැබෙන බවත් ඇය සතුටින් ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් වාර්තා වන තවත් තොරතුරු අනුව ඔවුන්ගේ විවාහ මංගල්‍යය සැලසුම් කිරීමේ සම්පූර්ණ ගෞරවය ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී නලින්ද බුලත්සිංහලට හිමිවන බවත්, උඩරට ක්‍රමයට මනාලියක් ලෙස හැඩගැන්වීම ළමා කාලයේ සිටම තිබූ සිහිනයක් බවත්, පෝරුවේ චාරිත්‍ර වෙනම දවසකත් බටහිර ක්‍රමයට තවත් දවසකත් ඊයේ (05) හා ලබන 12 වනදා උත්සව දෙකක් ලෙස පැවැත්වෙන බවත්, පෝරුව දවසේ ධනංජය බණ්ඩාරත්, දෙවන දවසේ ධනුෂ්ක චන්න ආයතනයත්, මිහිරි පැරඩයිස් එම්බසි , නයෝමා, වෝක් ටු ග්ලෝ , මහේෂ් බන්සා සහ ලක්මාල් සිංහාරගේ ඡායාරූපකරණයෙන් හැඩගැන්වෙන බවත්, ඔවුන් දෙදෙනාටම අයත් නව නිවසක් සූදානම් කර ඇති බවත් සඳහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: