2026 අප්‍රේල් 15, පෙ.ව. 12:12
ඇණවුම් කරන ලද ගල් අඟුරු නිසි ප්‍රමිතියෙන් තොරව මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් කිසියම් හෝ නිලධාරියෙකු වගකිවයුතු නම් හෝ එහිදී කිසියම් අකටයුත්තක් සිදුව ඇත්නම් ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි.
ඇණවුම් කරන ලද ගල් අඟුරු නැව් කිහිපයක් මෙරටට අවශ්‍ය ප්‍රමිතියෙන් තොරව පැමිණ ඇති බවත්, එම නිසා අදාළ ගිවිසුම් ප්‍රකාරව නීත්‍යානුකූලව මුදල් අයකර ගැනීමේ ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම ගනුදෙනුවලදී නිලධාරීන් අතින් කිසියම් අකටයුත්තක් හෝ දූෂණයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව විමර්ශනය කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) මගින් විගණකාධිපතිවරියගෙන් ඉල්ලීමක් කරන ලද බවත් ඔහු පැවසීය.
වත්මන් රජය යටතේ මෙවැනි කිසිදු අක්‍රමිකතාවයකට ඉඩ නොතබන බවත්, මෙම ක්‍රියාවලියේදී සිදුවී ඇති ගැටලු පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවත් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:12
15-04-26
15-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26